(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා , ලේකම්වරයා , එම නගර සභාවේ සේවකයින් 10 දෙනෙකු සහ ප්‍රාදේශිය මාධ්‍යවේදින් දෙදෙනෙකු (22) දින ස්වයං නිරෝධානයට යොමු කළ බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි එම්.ගනේෂ් මහතා පැවසිය.
කොවිඩ් 19 වයිරසය අසාදනය වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම නගර සභාවේ ඉකුත් 19 දින පැවති දේශපාලන රැස්විමකට සහභාගි විම නිසා එම සභාපතිවරයාගේ ළගම ආශ්‍රිතයන් මෙසේ ස්වයං නිරෝධානයට යොමු කල බවත් , ස්වයං නිරෝධානයට යොමු කල පිරිසගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් ඉදිරියේදි ලබා ගන්නා බව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේය.
මේ අතර කොවිඩ් 19 වයිසරය අසාදනය වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඉකුත් 17 දින මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පැවති දේශපාලන ප්‍රභුවරයෙකු සහභාගි වු රැස්විමකටද සහභාගි වි ඇති අතර , එම රැස්විමට සහභාගි වු නුවරඑලිය , කොටගල , අඹගමුව , නොර්වුඩ් , මස්කෙලිය යන ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් සහ තලවකැලේ ලිදුල , හැටන් දික්ඔය යන නගර සභාවල සභාපතිවරුන් ද ඔහුන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් විසින් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ස්වයං නිරෝධානයට යොමු කර ඇති ප්‍රාදේශිය සභා සහ නගර සභා සභාපතිවරුන් අවස්තා දෙකකදි ළගම ආශ්‍රිතයන් වි ඇත.
එම පිරිසට අමතරව අමාත්‍යය සි.බි.රත්නායක , රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් , නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වරුන් වන මරුදපාණ්ඩි රමේෂ්වරන් , නිමල් පියතිස්ස , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා යන මහතුන්ද ඔහුන් පදිංචි බල ප්‍රදේශයේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් විසින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිදුල නගර සභාපති ලේකම් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට