IMG-LOGO

2024 ජුනි මස 14 වන සිකුරාදා


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයට උර දෙන්න චීනය සූදානම්

 

 
‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වයේ කාර්යභාරය සඳහා පූර්ණ දායකත්වය දිය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැරිස් සාම සංසදයේ තෙවැනි සමුළුවේ නිල උත්සවය අමතමින් පැවැසීය.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීමේදී සහයෝගීතාව පෙන්වමින්  එකිනෙකාට උදව් කළ යුතු බවත් මනුෂ්‍ය ජීවිතවලට මුල්තැන දිය යුතු බවත් චීන ජනාධිපතිවරයා කීය.

විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (12) මෙම සමුළුව පැවැත්වුණු අතර චීන ජනාධිපති ෂී ජින්පින්ග් බීජිං නුවර සිට සමුළුව ඇමතීය.

මිනිසුන්ගේ යහපැවැත්මට මූලිකත්වය දීම, විද්‍යාවට ගරු කිරීම සහ වඩාත් ඉලක්කගත හා සාමූහිකව ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් බව ද චීන ජනාධිපතිවරයා කීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා මෙසේ ද කීය.
 
“පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටකි. සංසදය ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි පාර්ශවකරුවන් ගෝලීය පරිපාලනය වැඩිදියුණු කිරීම, බහුපාර්ශ්වීයත්වය ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කිරීම සඳහා කටයුතු කරනු ලැබීය. මෙම වැදගත් වේදිකාව ඉටු කළ කාර්යභාරය ධනාත්මක සහ වැදගත් වේ. ඒ සඳහා ජනාධිපති මැක්‍රොන්ගේ සහ ප්‍රංශයේ සියලුම දෙනාගේ සියලු උත්සාහයන් අගය කරමි.

මේ වන විට ගෝලීය භූ දර්ශනය වේගයෙන් පරිණාමය වෙමින් පවතී. සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන දිගින් දිගටම මතුවෙමින් තිබේ. ජාත්‍යන්තර තත්ත්වය තුළ අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතා  වර්ධනය වෙමින් පවතී. ගෝලීය තර්ජන හා අභියෝග සඳහා ගෝලීය ප්‍රතිචාර අවශ්‍ය වේ. මේ සත්‍යය මූලික  කරගෙන පහත සඳහන් යෝජනා තුන ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි.

පළමුව, ‘කොවිඩ්-19’ එරෙහිව සටන් කිරීමේදී අපි සහයෝගීතාවය පෙන්වමින්  එකිනෙකාට උදව් කළ යුතු වේ.  කොරෝනා වයිරසය තවදුරටත් ලෝකය පුරාම විනාශ  ඇති කරමින් තිබේ. අප මිනිසුන් සහ ජීවිතවලට මුල් තැන දිය යුතු අතර, මිනිසුන්ගේ යහපැවැත්මට මූලිකත්වය දීම, විද්‍යාවට ගරු කිරීම සහ වඩාත් ඉලක්කගත හා සාමූහිකව ප්‍රතිචාර දැක්විය යුතුය. ‘කොවිඩ්-19’ ට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වයේ කාර්යභාරය සඳහා අප පූර්ණ දායකත්වයක් ලබා දිය යුතුය.

චීනය වයිරසය ගැන ඇති අත්දැකීම් සහ රෝග විනිශ්චය මෙන්ම චිකිත්සාව පිළිබඳ විශේෂඥ දැනුම අඛණ්ඩව බෙදාහදා ගනු ඇති අතර අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සඳහා සහාය ලබා දෙනු ඇත. චීන එන්නත් ගෝලීය වශයෙන් පොදු මහජන යහපත වෙනුවෙන් යොදා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලට චීනය ගරු කරනු ඇත. චීනය ගෝලීය ප්‍රජාවට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට, මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා අවශ්‍යය සූදානම් වීම් වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත. අප සැමට එකතු වී, සෑම දෙනා සඳහා වූ ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගිය හැකිය.

දෙවනුව, යථා තත්වයට පත්වීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා විවෘතභාවය සහ සහයෝගිතාවය වැළඳ ගනිමු. සති දෙකකට පෙර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ පස්වන සමුළුව පැවති අතර එහිදී  ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම සහ 2035 සඳහා දිගුකාලීන අරමුණු සම්පාදනය කිරීම පිළිබඳ නිර්දේශයන් සාකච්ඡා කොට සම්මත කරන ලදී. මෙම වැඩපිළිවෙල චීනයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මූලික වේ.  චීනය අඛණ්ඩව නව සංවර්ධන දර්ශනය අනුගමනය කරනු ඇත. නව සංවර්ධන ආදර්ශයක් පෝෂණය කරනු ඇත. එසේම උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ගමන් කරනු ඇත. මේ සඳහා චීනය අවශ්‍යය ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ ලෝකයට පුළුල් ලෙස විවෘත කිරීම සඳහා කැපවී සිටිනු ඇත. ගෝලීය කාර්මික හා සැපයුම් දාම ස්ථාවරව තබා ගැනීමටත් විවෘත ලෝක ආර්ථිකයක් පෝෂණය කිරීමටත් චීනය සෙසු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරනු ඇත. දුප්පත්ම රටවල් සඳහා වන ජී 20 ණය සේවා අත්හිටුවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් කටයුතු කරනු ඇත. චීනය ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාවයට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන අතර අප්‍රිකානු සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කරනු ඇත.

හරිත ආර් ථිකය මානව ප්‍රගතියේ අනාගතය නියෝජනය කරයි. ප්‍රතිසාධනය ප්‍රවර්ධනය කිරීමේ යතුර ද එය සතුව ඇත. චීනය සහ යුරෝපය යන දෙකම හරිත සංවර්ධනයේ අනුගාමිකයන් වන අතර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙරටම කැපවී සිටිති. 2030 වන විට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය උපරියෙන් අවම කිරීම සඳහා ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත. එසේම 2060 වන විට කාබන් නැති තත්වය ළඟා කර ගැනීමට චීනය ප්‍රමුඛව කටයුතු කරන බව මම නිවේදනය කළෙමි.  

ලබන වසරේදී චීනය, යුරෝපය සහ ප්‍රංශය ජෛව විවිධත්වය,

ලබන වසරේදී චීනය, යුරෝපය සහ ප්‍රංශය ජෛව විවිධත්වය, දේශගුණික විපර් යාස සහ සොබාදහම සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පවත්වනු ඇත. මෙම ක්‍ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා අපට එවැනි අවස්ථා භාවිත කළ හැකිය.

තෙවනුව, ලෝක සාමය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා යුක්තිය තහවුරු කරමු. සාමකාමී සහජීවනයකට අප අනුගත විය යුතුය. අප වෙනත් රටවල සංවර් ධනයට ඇති අයිතියට ගරු කළ යුතුය. අප බහුපාර්ශ්වීයත්වය තහවුරු කරමින්  ඒකපාර්ශ්විකත්වයට, ආධිපත්‍යයට හා බල දේශපාලනයට විරුද්ධ විය යුතු අතර, සියලු ආකාරයේ ත්‍රස්තවාදය සහ අන්ත ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රතික්ෂේප කළ යුතුය. ලෝකයේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා අප එක්ව කටයුතු කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් වන චීනය සහ ප්‍රංශය ලෝක සාමය සඳහා විශේෂ හා වැදගත් වගකීම් දරති. චීනය සාමකාමී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. චීනය සාමකාමී සංවර්ධනයේ මාවතට කැපවී සිටී. ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මත පිළිපැදීමටත්, එක් එක් කාරණයේ සුදුසුකම් පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය තීරණය කිරීමට ඇති අයිතියට ගරු කරමින්  පටු දෘෂ්ටිවාදාත්මක නැඹුරුව හා ගැටුම්  වලට ඇති නැඹුරුව අභිබවා කටයුතු කරන ලෙස අපි සියලු රටවලින් ඉල්ලා සිටිමු. චීනය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් සමඟ සන්නිවේදනය හා සම්බන්ධීකරණය වේගවත් කිරීමට බලාපොරොත්තු වන අතර ජාත්‍යන්තර හා කලාපීය වශයේ ඇති දේශපාලන ගැටළු විසඳීම සහ ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

චීන කියමනට අනුව, “විශ්වීය මාර්ගය සියලු දෙනාගේම යහපතට හේතු වේ.” සාමය හා සංවර්ධනය අපේ කාලයේ තේමාවයි. ඒවා ඉතිහාසයේ නොනවතින ප්‍රවණතාවයි. මානව වර්ගයා මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින්, රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.  රටවල් වලට අවශ්‍ය වන්නේ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම මිස ගැටුම් අවුළුවාලීම හෝ වෙන්වීම නොවේ. මානව වර් ගයා වෙනුවෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට සහ ගෝලීය ප්‍රජාවට වැඩි ප්‍රතිලාභයක් ලබා දීම සඳහා අපි අත්වැල් බැඳ ගනිමු”.
 
 
කොළඹ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙනි
 - 055

 



අදහස් (7)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයට උර දෙන්න චීනය සූදානම්

Nuwan Friday, 13 November 2020 08:47 AM

ඕක මැදමූලනේ කට්ටියට නම් සල්ලි උල්පතක් වේවි.

:       0       1

සිරිබිරිස් Friday, 13 November 2020 10:22 AM

චීනය සූදානම් ? අප්පා, ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඉවරයි එහෙනම්...

:       0       1

kamal Friday, 13 November 2020 11:01 AM

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායක කොවිඩ්-19’ වයිරසය මිනිසාට වැළඳුනේ සතුන්ගෙන් නොවේනේ...

:       0       1

prabha Friday, 13 November 2020 10:05 PM

වසංගතයක් ලෝකෙට දීපු පිනම ඇති චීනෙට ලෝක බලවතා වෙන්න.

:       1       6

Hasitha Saturday, 14 November 2020 04:19 AM

මරුනේ!! තව ටික දවසකින් චීනෙ පුවත්වලට වෙනම කොලමකුත් වෙන්වෙයි..

:       0       3

Koolarage Saturday, 14 November 2020 10:01 AM

ලෝකෙටම විෂබීජ පතුරවලා... දැන් එනවා පොර ටෝක් දෙන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනාට අහුවෙලා ඉන්නේ.

:       1       6

Rata Perata Saturday, 14 November 2020 12:50 PM

මේ වයිරසය මිනිසුන් විසින් හදපු එකක් කියලා ඔප්පු වෙලා තියෙනවා. චීනයේ මේ විනාශයට වගකිව යුතුයි. ඒත් ඉතින් අපේ රටේ නම් ලොකු සර් තරහ කරගෙන බැහැනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1150 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2773 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 941 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 725 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 932 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 809 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1276 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2995 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2453 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site