IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලාංකිකයින් 68,000 ක් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන්

( තිළිණි ද සිල්වා )

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදෙස් රටවල  අගුලු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය සහ ගුවන් අවකාශය වසා දැමීම් හමුවේ අසරණව සිටින තවත් ශ්‍රී ලාංකිකයින් 68,000ක පමණ පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනගතව සිටින බව විදේශ අමාත්යාං ශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අද(03) පැවසිය.

එවැනි තත්ත්වයක් හමුවේ වුවද ,  පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා රටවල් 137ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 60,470 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට රජය  පියවර ගත් බවද විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.


වර්තමානයේ පවතින දැවැන්තම අභියෝගයන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දේ.

ගෙන්වා ගනු ලැබූ  ලාංකිකයින් අතුරෙන් ඉන් වැඩිම පිරිසක් මැදපෙරදිග කලාපයෙන් ගෙන්වාගෙන ඇති අතර විදේශයන්හි පවතින තත්වය, සේවයෙන් ඉවත් කිරිම් ආදී කරුණු හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු සියරට ගෙන්වා ගන්නා ලද දින සිට, මෙම අමාත්යාං ශය වසරකට ආසන්න කාලයක් තිස්සේ විදේශයන්හි අසරණ වු සංක්‍රමණික ශ්‍රමිකයින්, වන්දනාකරුවන්, සිසුන් සහ රජයේ හෝ හමුදා නිලධාරීන්,  කෙටිකාලීන සංචාරකයන්, මුහුදු යාත්රිනකයන් සහ සානුකම්පිත හේතු මත ගෙන්වා ගන්නා ලද  ශ්‍රී ලාංකිකයන් ද වන බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.

ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් අතරින් ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයෙන් පැමිණි සංක්‍රමණික  ශ්‍රමිකයින් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මෙමගින් ප්‍රතිලාභ ලබා ඇති වැඩිම කොටස වන අතර, යුරෝපය, අප්රිඅකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින් තවත් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ ගෙන්වා ගනු ලැබූ බවද හෙතෙම කීය.

මෙම සතිය තුළදී චෙන්නායි, මෙල්බන්, කුවේට්, දෝහා, ටොරන්ටෝ, සයිප්‍රස් සහ ඩුබායි හි සිට ශ්‍රි ලාංකිකයින් 1,400 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.



අදහස් (3)

ලාංකිකයින් 68,000 ක් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන්

අජිත් Sunday, 03 January 2021 03:32 PM

ලංකාවට එන්න බැරිව ඉන්නේ ලංකාවෙන් වහං ඉන්න නිසා මිසක් මේ අපි ඉන්න රටවල් වහං ඉන්න නිසා නෙවෙයි නේ. මාර කතා මේවා...

:       0       0

sakalabujan Monday, 04 January 2021 04:19 AM

අසල්වැසි ඉන්දියානු ජාතිකයින්ට නිරෝධායන නීති අනුව ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට රජයෙන් ඉඩ ලබාදී ඇති අතර covid-19 වසංගත තත්වය සමග ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගනී. ශ්‍රී ලංකාව ඇතුළත විශාල ලෙස වසංගත තත්වය පැතිරී ඇති බැවින්, විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම තුළින් රට තුල covid-19 වසංගත තත්වය පැතිරෙන බවට තිබූ මතය තව දුරටත් පදනම් විරහිත කරුණක් බවට පත්ව ඇත. එමනිසා ගුවන් තොටුපල විවෘතකර විදේශගත ශ්‍රී ලාංකිකයින්ට පැමිණීමට ඉඩලබාදී, ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයන් නිරෝධායනයට ඉඩ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. දහදුක් විඳ සොයන මුදල රජයට කඩේ යන හෝටල් කාරයින්ට ගෙවීමට අපට පිස්සු නැත. දිලිත් ජයවීර (දෙරණ සභාපති)ගේ වස්කඩුව හෝටල්වල සිටීමට තරම් මුදල් නැත. දිනකට 12,500 බැගින් දින 14 කට = 175,000ක් ගෙවීමට නොහැකි නිසා එක්කෝ අපට කුලියට හෝ ලංකාවේ ගෙයක් ගෙන දින 14ක් ඉන්න ඉඩ දිය යුතුයි. නැත්නම් තමන්ගේම ගෙදරක දින 14 ක් ඉන්න ඉඩ දිය යුතුයි. මේ සියල්ල කවුරුන් හෝ රජයේ නිලධාරියෙක් දිනකට වරක් හෝ පරීක්ෂා කළාට කමක් නැහැ.

:       0       0

qatar sita Monday, 04 January 2021 08:28 AM

මමත් ලංකාවට එන්නයි ඉන්නේ.. ලියාපදිංචි වෙලා කොච්චර කාලයක් ඉන්න වෙයිද දන්නේ නැහැ මෙහෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13528 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site