(තිළිණි ද සිල්වා)
ජූලි 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් කියා සිටී.
කෙසේවෙතත් අද (12) සහ හෙට (13) යන දිනවල මාලදිවයිනේ සහ ජෝර්දානයේ සිට පැමිණීමට නියමිත ශ්‍රී ලාංකිකයින් සුපුරුදු පරිදි ගෙන්වා ගැනීම සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයින් ගෙන්වීම යළිත් තාවකාලිකව නවතන්න යයි
pathirana Sunday, 12 July 2020 05:51 AM
දුකට පත්වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගෙන්වා ගැනීමක් කොහොමත් සිදුවුණේ නැහැ. දැන් ඉතින් ආණ්ඩුවට නිදහසට කියන්න කරුණු තියෙනවා.
karu Sunday, 12 July 2020 05:56 AM
ටීවී එක දැම්මත්, පත්තරයක් බැලුවත් නිතරම පෙනෙන්නේ ජෙනරාල්, කැප්ටන්, අද්මිරාල් මාර වැඩක්නේ... මේ රටේ පරිපාලන සේවා විභාගය සමත් උගතුන් සිටිද්දී තුට්ටු දෙකේ හමුදාකාරයින් මොන මගුලක් කරනවද? ඒ මදිවට ඇමෙරිකානු ඔත්තු සේවාවක් වන පාත්ෆයින්ඩර් කියන එන්ජිඕ එකේ ඉන්න කෙනෙක් මේ කොළඹගේ කියන්නේ...
ඕමාන් අපි Sunday, 12 July 2020 06:02 AM
එහෙම හරිද? එතකොට අනාථ වෙලා ඉන්න රට විරුවන් කියලා හඳුන්වන අයට මොකද වෙන්නේ? ලොකු ලොක්කන්ගේ දුවලා, පුතාලා ගෙන්වලා ඉවරද? කරුණා කරලා අසරණ මිනිස්සු ගැනත් හිතන්න. පහුගිය මාස කීපයකටම ඕමාන්වලට ආවේ එකම එක ගුවන් යානයයි. මොකද්ද මේ තේරීම?