IMG-LOGO

රෝහලෙන් පැන ගිය රෝගියාට කොරෝනා

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
 
කෝවිඩ් බවට සැක සහිත රෝගීන් සිටින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර එයින් පැන පලාගොස් ඇතැයිද, ඔහු ආසාදිතයකු බව අද තහවුරු වීමෙන් පසු, ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන යළි රෝහල් ගත කළ බවද, ඇඹිලිපිටිය පොලීසිය පැවසුවේය.
 
කුට්ටිගල, තෝරගල, පදලංගල ලිපිනියේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු එක්ව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
සැකකාර තරුණයා පසුගිය 20දා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්නුම්කරන රොගීන් ඇතුළත් කරන වාට්ටුවට ඇතුල්කර තිබුණි. 22දා ඔහු පීසීආර් පරීක්‍ෂණයකට ලක් කර තිබේ. එදින රාත්‍රියේ ඔහු නේවාසිකව සිටි වාට්ටුවෙන් පැනගොස් තිබුණි.
 
පසුදින එනම් අද දහවල් ඔහුගේ පීසීආර් වාර්තාව ලැබී තිබුණි. එහිදී ඔහුට කෝවිඩ්-19 ආසාදිත බව තහවුරුව තිබුණි. ඒවනවිට ඔහු රෝහලෙන් පැනගොස් සිටි නිසා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කළ සොයාබැලීමකදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සැඟව සිටින බවට දැනගන්නට ලැබී ඇත. ඒ අනුව තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණි.
 
සැකකාර තරුණයා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය. ඔහු සැඟව සිටි නිවසේ නිවැසියන් නිරෝධායනයට ලක් කළ බවද පොලීසිය පැවසුවේය.
 
සැකකාර තරුණයා නැවතී සිටියේ කෝවිඩ් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන රෝගීන් රඳවා සිටි වාට්ටුවේ නිසා ඔහු සිටි වාට්ටුව වසා දැමීමට උවමනාවක් නැති බව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්‍ද්‍ර මහත්මිය පැවසුවාය.



අදහස් (1)

රෝහලෙන් පැන ගිය රෝගියාට කොරෝනා

fairoos Tuesday, 23 February 2021 01:41 PM

රුපියල් 10000ක් දුන්නා නම් නෙගටිව් කරන්න පුළුවන්... මුස්ලිම් නම් ලක්ෂයක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1398 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site