(ප්‍රසන්න පත්මසිරි)
රිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග අද(08) ප්‍රදේශයේ පාසල් 18කට කිසිදු සිසුවෙකු පැමිණ නැති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක මහතා පැවසීය.
රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයට අයත් ආඳාඋල්පත ජතික පාසල, රිටිගහඅරාව, කුරුවිතැන්න, ඌරණිය, මහගම, ගුරුමඩ, ගල්බොක්ක, කෙසෙල්පොත 11 හා 12, නාගදීප, දික්කැන්දයාය, අදාඋල්පත, තිස්සපුර, ධර්මපාල, නාගදීප, අරාවත්ත, කුඩාලුණුක, රිදීමාලියද්ද යන කනිෂ්ඨ හා ප්‍රාථමික පාසල්වලට සිසු සිසුවියන් කිසිවෙකු නොපැමිණියත් ගුරුවරුන් වැඩි පිරිසක් පැමිණ සිටි බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කීය.
ප්‍රදේශයේ පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග පාසල් දරුවන් සියලුම දෙනා තම නිවෙස්වලට සීමාවී ස්වයං නිරෝධානයට ලක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd