(එච් එම් ධර්මපාල )
රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව ඉන් සේවකයින් 23 දෙනෙකුට කෝවිඩ් වයිරසය ශරීරගත වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය ප්‍රකාශකයෙකු පැවසීය .
මෙම කර්මාන්ත ශාලාව ප්‍රධාන ගබඩාව තුල සිට රටපුරා සිට පැමිණෙන ලොරිරථ සදහා කරත්ත යොදාගන ඇසුරුම් පෙටිටි තොග වශයෙන් ගෙනවිත් දෙන අයදවේ .
මේ පිරිස් වලින් සේවකයින් 50 දෙනකු හදිසි පරීක්ෂණ සදහා මෙලෙස යොමු කල බවත් , එයින් සේවකයින් 23 දෙනෙකු හට වයිරසය ආසාදනවී ඇති බවට සනාත වීමෙන් පසු එම පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමුකිරීමට කටයුතු කරන අතර , ඉතිරි ආශ්‍රිත පිරිස් එම ගබඩා සංකීර්ණය තුලම සියලු පහසුකම් සහිතව දින 14 ක නිරෝධායනයකට යොමු කරනු ලබන බවය් එම ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම කියන්න බයයිද? අපි කිසිම දෙයක් කන්න එපාද? රත්මලාන පැත්තේ හදන මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් පවා පෙන්වනවා. සමාගමේ නම හංගනවා. අපි බිස්කට් එකක්වත් කන්නේ නැහැ. එච්චරයි.
ඉතින් උඩබලන් ඉන්නේ අර පැණියවත් බිව්වේ නැතිද?
විශ්වාසනීය ආරංචි මාර්ග වලට අනුව එය බේකරි ආයතනයක් නොවේ. ඔබේ ප්‍රවෘත්තිය නිසා බේකරි ආශ්‍රිත කර්මාන්ත වලට ප්‍රශ්නයක් සිදුව ඇත.