(එම් .සුසිල් ප්‍රියන්ත)
රත්ගම දේවපතිරාජ විද්‍යාලය දින නියමයක් නොමැතිව අද (27 ) සිට වසා දැමීමට පියවර ගත් බව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය කියයි.
කොරෝනා ව්‍යසනය නිසා රත්ගම ඉඹුලගොඩ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමත් සමගම මේ පියවර ගත් බවද එම කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.
දේවපතිරාජ විද්‍යාලය එම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා තිබීම නිසා මේ පියවර ගත් බවද ඔහු කීවේය.
රත්ගම ඉඹුලගොඩ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කිරීමෙන් පසු මේ විදුහල විවෘත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd