IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට අගුළු දමන්නැයි ඉතාලි සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ජාතික ව්‍යසනයක් සිදුවීමට පෙර රටට අගුළු දැමිය යුතු යැයි ඉතාලියේ සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

“දැන්මම රට අගුළු දමන්න” යැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය වෝල්ටර් රිචාඩි ද අවධාරණය කළේය.

නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන යුද කාලයේ වාර්තා වූ මරණ ගණනට සමාන වෙමින් තිබෙන බවත් “ජාතික ව්‍යසනයක්” සිදු වීමට පෙර රටට අගුළු දැමිය යුතු බවත් මහාචාර්ය රිචාඩි පැවැසීය.

“අපි ඉන්නේ යුද කාලයක. මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැහැ. එහෙත් අවසන් වරට මේ ආකාරයෙන් මරණ වාර්තා වෙද්දි අපේ නගරයට ඉහළින් ගුවන් යානා යමින් බෝම්බ හෙළුවා. ඒ යුද කාලයේ” යැයි ‘එල්.ඒ.7’ රූපවාහිනි සේවයට අදහස් දක්වමින් මහාචාර්ය රිචාඩි කීය.

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක වන මහාචාර්ය වෝල්ටර් රිචාඩි මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකි.

නත්තල් සමයේදී සහ නව අවුරුදු උත්සව සමයේදී දැඩි සීමා පැනවීම කෙරෙහිත් ප්‍රධාන නගරවලට සංචරණ සීමා පැනවීම කෙරෙහිත් සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පැරන්සාගේ අවධානය යොමු වී ඇතැයි ද මහාචාර්ය රිචාඩි කීය.

මේ අතර දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වසරක් ඇතුළත වැඩිම මරණ ගණනක් සිදු වූ වසර මෙය වනු ඇතැයි ඉතාලියේ ජාතික සංඛ්‍යා දත්ත ආයතනය සඳහන් කර ඇත.

(රොයිටර්
)

055



අදහස් (1)

රට අගුළු දමන්නැයි ඉතාලි සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

SUNIL MILANO Thursday, 17 December 2020 02:28 PM

අහෝ අපගේ දෙවැනි මව්බිමට සිදුවූ මේ ඛේදවාචකය කුමක්ද? ශ්‍රී ලංකාවට මෙන්ම ඉතාලියටත් බුදුසරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site