
‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අවස්ථා කිහිපයකදී නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩි වීමට හේතු වූ කරුණු මොනවාදැයි හඳුනාගෙන ඒවා නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
‘කොවිඩ්-19 මර්දන කාර්ය සාධක බලකායේ’ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (29) පැවැති රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු සඳහන් කළේය.
මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350ක් තිබෙන බවත් ඉන් 28කින් ආසාදිතයන් හඳුනාගෙන ඇති බවත් සඳහන් කළ නිලධාරීහු වයිරසය සෙසු ප්‍රදේශවලට පැතිර වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව ද කීහ.
055

COMMENTS
පී.සී.ආර්. මැෂින් 5න් කොහොමද සර් රටම ආවරණය කරන්නේ? අනෙක දැන් කරන ටෙස්ට්වලින් බහුතරයක් කරනනේ ප්‍රභූ ආරක්ෂක අංශවල නේද?
මෙන්න මෙයා ඉන්නවා නේද? හා සර් ... මෙ කාටත් අර සිංහරාජෙ ගිහින් පාර කපන හැටි කිව්වා වගේ තමයි. නොදන්න හැම මගුලටම අපදෙස් දෙන්න යන්නේ නැතිව වෘත්තීයවේදීන්ගෙන් අදහස් ගන්න. අපිට මෝඩකම පෙනුනට කමක් නැහැ. අපරාදෙ මිනිස්සු අපරාදේ මැරෙනවා නැත්නම්...
විවෘත දෑසකින් සිටින්නේ ඔබ පමණයි.
ජනපතිතුමනි, මොනවද මේ කතා .. බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ විගස එය පැතිරීමට ඉඩදී සිටියා. ඒ නිසා රෝගය පැතිරුණා. බස්නාහිර පළාතට කළින් දැනුම්දී ඇඳිරිය දැමීම නිසා බොහෝ මිනිසුන් ඇඳිරි නීතිය දැමීමට ප්‍රථම ගම් බිම් බලා ගියා.මේ නිසා තත්ත්වය වඩා අවදානම් වෙයි කියා කලින් නොසිතුනේ මන්ද..? කව්ද මේ අඩුපාඩු සහිත තීන්දු ගන්නේ? කරුණාකර ඒ ගැන සොයාබලා නිසි අයුරින් අදාළ අය ගැන නිසි පියවර ගන්න. ස්තූතියි.
පී.සී.ආර්.මැෂින් කැඩිලනම් ආචාර්ය චන්න ජයසුමනට කියලා නාථ දෙවියන්ට කියලා සුදර්ශන් පැණිය පිරිත් කියවලා බෙදන්න. ජනාධිපතිතුමනි, ඒ වගේ ගොන් හැත්තගෙ උපදෙස් ගත්තොත් අපි හැමෝම අනාථයි.
කියන්න පුලුවන්. ඒවට පහසුකම් සලසලා නැති එක තමයි ප්‍රශ්නේ...
කට තිබුණු පලියට කියවන්න එපා.. රටේ PCR දවසට කරන්න පුළුවන් උපරිම ගණනක් තියෙනවා. කරන PCR පරීක්ෂණවලින් භාගයක් බොරු ප්‍රතිඵල...
අදනේ දැක්කේ... කාලෙකට පස්සේ...
ඊයෙයි, අදයි ගත්තු තීරණ ගන්න තිබුනේ එදා කියලා තමයි ජනපති තුමනි මට නම් හිතෙන්නේ.. අපි ගොඩක් තිරණ ගන්න මන්දගාමී වුණා කියලා හිතෙනවා. හැබැයි අපි එදා රට වහලා ආසාදිතයෝයි, පළමු, දෙවන ආශ්‍රිතයෝයි හොයලා නිරෝධායනය කරලා නම්, අද මේ වනවිට සමහර විට රට නැවතත් විවෘත කරන්නත් තිබුණා කියලත් හිතෙනවා.. මොනවා වුණත් දැන් අපි ගොඩක් පරක්කු වුණා කියා හිතෙනවා.. මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි.
මේ වයිරසය රජයේ වැරද්දක් නෙවෙයි. ඒ නිසා නියම තත්වය හංගන් නැතුව ජනතාවට හෙලිකල යුතුයි. වෙන රටවල දිනපතා මාධ්‍යයට නියම තත්වය කියනවා. එතකොට මිනිස්සු පරිස්සම් වෙනවා. අර ඡන්දෙ කාලේ වගේ උනන්දුවක් දැන් පේන්නේ නෑ. ලෝකේ කීවෙනි තැනද බලන්න... මේක රේස් එකක් නෙවෙයි.
කටින් බතල හිටවන හැකියාව ඔබතුමාට වගේ අපටත් තිබුණා නම් ඉතින්, අපිත් අද මිනිස්සු තමයි. චීන්නුන්වයි, ඇමරිකන් කාරයින්වයි මේ රටට වද්දා ගත්තු ඔබතුමා තමයි මුල්ම PCR ටෙස්ට් එක කළයුතු මේ රටේ ප්‍රධාන පුද්ගලයා.. අපට කොයින්ද ඉතින් ජනතාව අන්දන්න හැකියාවක් තියන සහෝදරයන් ඉන්නේ? "කන්න පින තියනවා නම් ඉබ්බා ගෙට එනවා" කිව්වලු..
පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකිරීම තුළින් පමණක් කොරෝනා පැතිරීම නවතන්නේ කොහොමද?
මේවා නම් පුදුම කතා. අප්‍රේල් 25 ඡන්දේ තියන්න ඕනේ වුණාම අපි යුද්ද කලේ රටවල් වහලා නෙමේ කිව්වා. ඡන්දේ නැවත්තුවම රටම වැහැව්වා ආර්ථිකේ බල්ලට දාලා. ඉක්මනට ඡන්දේ තියන්න. දැන් ඡන්දේ ඉවර නිසා වයිරසය රටේම දුවනවා. නියපොත්තෙන් කඩන්න තිබ්බ එක දැන් අනාගත්තා. නොබෝ දිනකින් මේක හංගන්න බැරුව යනවා. එතකොට රටම ලොකු කාලයක් වහන්න වෙනවා. කිසිම ආර්ථික දැක්මක් නෑ. දේශපාලනය විතරයි. අවසානයේ කොවිඩ් නිසා මෙහෙම වුණා කියමින් දේශපාලනය කරයි.
පුතාණෝගේ පැකනිල් දුන්නා නම් මෙලහකටත් ඕක ඉවරයි...
තවම කොරෝනාවල අවදානම නොතේරෙන එක ගැන දුකයි.. පිටරටක ජීවත්වන මා දන්නවා කොරෝනා වුවදුරට රජයන් ලැස්තිවූ, ලෑස්ති වෙමින් පවතින ආකාරය... අපි වගේ දුප්පත් රටකට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතා සීමාව හමාර වූ විට ගෙදරට වී නිරෝධායනය වීමට සිදුවේ. ගෙවල් ඇතුලේ මිනිස්සු මැරෙන තත්වය ඇතිවේ... දැන් 20ත් හමාර වූ නිසා, මේ පීඩිත මිනිස්සු පවුල් පිටින් මැරෙන්න දෙන්නැති වෙන්න වැඩ පිළිවෙලක් වෙනුවෙන් ප්‍රවීන නිලධාරි සහාය ගනු මැනවි. ජනධිපතිතුමනි, ඔබතුමන් සියල්ල නොදන්නා තැනැත්තෙක් බව මතක තියාගන්න..
රටක් හැටියට අපිට හැමදාම හුදකලා වෙලා කොරෝනා පාලනය කරන්න පුළුවන් කියන වැරදි වැටහීම නිසා තමා මෙහෙම වුනේ... කිසියම් හෝ අවස්ථාවක රට අර්ධ හෝ පූර්ණ වශයෙන් විවෘත කරන්න වෙනවා. එතකොට මගින් හෝ භාණ්ඩ හරහා මේ වෛරය රටට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් අපේ දේශපාලකයන් සහ ඉහළ පුටුවල ඉන්න කාටවත් එහෙම ඇතුල් වුණොත් මේ වෛරස ව්‍යාප්තිය පැතිරවීම නවත්වන්න කිසිම ප්ලෑන් එකක් නැහැ. පීසීආර් වුණත් මහා පරිමාණයෙන් කරන්න අපිට පහසුකම් නැහැ. එහෙම කළත් කාටද මූලිකත්වය දෙන්නේ කියන එක තවත් ගැටලුවක්. කොරෝනා අරමුදලට මොකද වුනේ...? ඇයි ඔටෝමේටඩ් පීසීඅාර් මැෂින් ගෙනාවේ නැත්තේ? අපේ රටේ ඈත ගමේ ඉන්න දුප්පත්, නූගත් මිනිහා ඉඳන් නගරයේ ඉන්න උගත්, බුද්ධිමත් මිනිස්සු පවා හැමදේම අමතක කරලා දේශපාලන රැල්ල පස්සේ කඩේ ගියා... ඡන්දයට පස්සේ මිනිස්සු මාස්ක් දැම්මේ නැහැ. බස්වල පොල් පටවලා ගියේ... කොහේවත් සමාජ දුරස්ථභාවය බැලුවේ නැහැ. ඒ තරම්ම නොහික්මුණු ගෝත්‍රික මිනිස්සු අපි.. හෙට මළත් අද බොන්න තියනවා නම් ඇති කියන බහුතරය ඉන්නේ... එක එක්කෙනා පස්සේ ගිහින් අන්තිමට කොරෝනා හැදුණාම ඔය කිසිම කෙනෙක් නැහැ ජනතාවට පිහිටවෙන්න.
විකාර තමයි..
ඔන්න ඔය වගේ ටැබ්ලට් එකක් නේද සීතා නෝනා ඉල්ලුවේ...? පව්...
කවුරුත් නැද්ද මෙයාට කියන්න ඔයා තමයි ජනාධිපති කියලා...? මෙයා තවම හිතාගෙන ඉන්නේ සිරිසේන ජනාධිපති කියලද දන්නේ නෑ...
කයිවාරු විතරයි බලාගෙන ගියාම මෙයත්...
අශ්වයා පැන ගියපසු ඉස්තාලය වැසීම....
අපේ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවද? දැන්ද ඔහේ නැගිට්ටේ...?
අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසාදැමීම. ආයෙත් 20 සම්මත කර ගන්නකම් පොඩ්ඩක් රටේ අවධානය කොරෝනා පැත්තට දාපු නිසා ගොඩගියා. රෙස්පෙක්ට් සර්..!!! තව පොඩ්ඩක් හිටියා නම් සිල්වා පුතත් එළියට දාලාම පී.සී.ආර්. කරන්න තිබුණා. රටේ අවාසනාවට අපිට වෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩ. අර හිටන් හුටන් ගැන්සිය රට කෑවා. ඒකෙන් බේරෙන්න මෙයාව ගෙන්නුවා පාස්කු බෝම්බයට බයවෙලා. දැන් මෙයා හිටන් හුටන්ට අන්ත වේගෙන එන්නේ.
ඇඳිරිනීතිය හෙට දානවා කිය කියා ඉන්නකොට පිටපළාත්වල මිනිස්සු කොරෝනාත් අරන් ගම්බිම් බලා ගියා. මහා ලොකු වොස්තාර්ලා වටේ තියාගෙන මොකක්ද මේ කළ ගොන් වැඩේ..?