(සුජිත් හේවාජුලිගේ )
රටේ සැර කොරෝනා වයිරස ප්‍රභේද හයක් ව්‍යාප්තව පවතින බවට සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති .
බ්‍රිතාන්‍ය ප්‍රභේදය ,ඉන්දියානු ප්‍රභේදය ,අප්‍රිකානු ප්‍රභේදය ,ඩෙන්මාර්ක් ප්‍රභේදය , නයිජීරියානු ප්‍රභේදය හා ශ්‍රී ලංකා ප්‍රභේදය එම හයයි මින් සැර වයිරස ප්‍රභේද රැසක්ම සොයාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාවලිනි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ප්‍රභේදය හමුවී ඇත්තේ සමාජයෙන් යයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ,වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය .
මෙහි භයානකම වර්ගය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බවත් එහි පැතිරීමේ සීඝ්‍රතාවය ඉහළ අගයක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වේලාවට ඉතාලි ප්‍රභේද කියලා එකක් හමුනොවුනේ... ගිය අවුරුද්දෙ මේ කාලේ ඉතාලිය පට්ටම ගැහුවා. රට බෝම්බ කිවුවා. දැන් සැපද කියලා අහන්නේ නම් නැ .
ඕවා හොයාගත්තේ පිටරටින් ගෙනාපු මැෂින් වලින් නේද.?
මොකක්ද ශ්‍රී ලංකාවේ ප්‍රභේදය?
ඔන්න අපි දැන් කොරෝනා වර්ග 6ක් රට වටේ බෙදනවා. තැනට කැමති එකක් ගන්න පුළුවන්