IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


රාජ්‍ය බැංකුවක කුරුවිට ශාඛාව වසාදමයි

(අජිත්ලාල් ශාන්තඋදය)

රාජ්‍ය බැංකුවක කුරුවිට පිහිටි ශාඛාවක  කාර්ය මණ්ඩලයේ 4දෙනෙකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම බැංකු ශාඛාව දින 14ට වසාදැමීමට දැනුම්දුන් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක්  අද(28) පැවසීය.
 
එම ශාඛාවේ කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු පීසීආර් පරීක්‍ෂණයකට ලක්කිරීමෙන් පසු මෙම 4දෙනා ආසාදිත බව තහවුරුව තිබේ. බැංකුවේ නිලධාරී නිවාසය, අවිස්සාවේල්ල මාදොල, කුරුවිට පැරඩයිස් සහ කුරුවිට පාතගම යන ප්‍රදේශවල පදිංචි කාර්ය මණ්ඩලයේ 4දෙනෙකු මෙලෙස ආසාදිත බව තහවුරු වී ඇති බවද එම ප්‍රකාශකයා පැවසීය.
 
සෙසු 20දෙනා බැංකුවේ සෙසු කාර්ය මණ්ඩලය වු, ආසාදිත සිව්දෙනාගේ ප්‍රථම පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් දින 14ක කාලයක් නිරෝධායනයට ලක්කර ඇති බවද එම ප්‍රකාශකයා පැවසුවේය. ආසාදිත සිව්දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත අතර එතෙක් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිවෙස්වලම නිරෝධායනයට ලක්කර ඇත.
 
වසා දැමිමට නියම කෙරුණ බැංකු ශාඛාව සම්පූර්ණයෙන්ම විෂබීජහරණයකට ලක්කර වෙනත් කාර්ය මණ්ඩලයක් යොදවා පාරිභෝගික සේවා ආරම්භ කළ හැකිනම් දින 14ට පෙර යළි විවෘත කිරීමට හැකිනම් ඊට අවසර දුන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා පැවසුවේය.
 
මේ අතර එම බැංකු ශාඛාවේ ආසාදිත නිලධාරිණියකගේ දරුවෙකු ඇහැලියගොඩ පාසලක ඉගෙනුම ලබන බවත් එම දරුවා 27දා පාසල් ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.



අදහස් (0)

රාජ්‍ය බැංකුවක කුරුවිට ශාඛාව වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 356 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site