ඉදිරි දින කිහිපය නිවාඩු දින ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇති බවට මේවනවිට පැතිර යමින් පවතින ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රකාශ පැතිරයමින් පවතින බවද ඒ මහතා සඳහන් කරයි.
16844
COMMENTS
ඊයේ රාත්‍රියේ එක්තරා සමාජ ජාල තුළින් දින 3ක් නිවාඩු බව දන්වා පණිවිඩ නිකුත් වුණා. පසුව ප්‍රමාද දෝෂයක් කියා ඒවා මකා දැමුවා. ජනතාව අතරමං වුණා. මෙවන් අවස්ථාවල රජයේ නිහඬයි. වහාම එවන් අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතුයි නේද..? අද උදේ වනතුරුම ජනතාව සිතන් සිටියේ දින තුනක් නිවාඩුයි කියා. එහෙත් අප දන්නවා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිවේදනයක් නොමැතිව එසේ නිවාඩු නිකුත් නොකරන බව. ඒත් බොහෝ දෙනා මේ බව දන්නේ නෑ. මේ පට්ටපල් බොරු පතුරවන සමාජ ජාලාවලට තවත් සිහිකිරීමට ඉඩ දෙන්නේ ඇයි? මොවුන්ට විරුද්ධව වැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒත් කරුමය කියන්නේ ඒවා වචනයට පමණක් සීමා වී තිබීමයි. බලධාරීන් නිදා හිටියා හොඳටම ඇති. කවද්ද ඔවුන්ට දඬුවම් ලබාදෙන්නේ?