(තිස්ස කොටින්කඩුව)

කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු රාගම නගර මධ්‍යයේ මැරි වැටි ඇතැයි රාගම පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියකු බවට හදුනා ගෙන ඇති බවද රාගම පොලිසිය කියයි.

කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති ඔහු එම පරික්ෂණයේදි කෝවිඩි පොසිටිව් පුද්ගලයකු බව තහවුරු වි ඇති බවත් ඒ පිළිබදව ලැබි ඇති වෛද්‍ය වාර්තාවත් අතැතිව ඔහු එම රෝහලට මිටර් 20 ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර පරික්ෂණ කටයුතු වලදි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

මිය ගොස් ඇති අය කොරෝනා මර්දන පලමු එන්නත ලබා ගෙන දෙවනි මාත්‍රාව ලබා ගැනිමට බලා පොරොත්තු වෙන් සිටි අයෙකු බවද මෙහිදි අනාවරණය වි ඇත.

අදාල මෘත ශරීරය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදි සිදුකරණ ලද පී.සී.ආර් පර්ක්ෂණයකදි මිය ගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයකු බවට තහවුරු වුන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය කියයි.