
(ඩබ්ලිව්.ඒ. අසේල)
රිකිල්ලගස්කඩ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් මේ වන විට රෝහල වසා දමා තිබේ.
බාහිර රෝගී අංශය මෙන්ම රෝගීන් බාර ගැනීමද නවතා දමා ඇති අතර එම වෛද්‍යවරයා ප්‍රතිකාර ලබාදුන් පුද්ගලික වෛද්‍ය මධස්ථානයද වසා දමා ඇත.
අදාල වෛද්‍යවරයා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පසුගිය සතියේ දිනක පෑලියගොඩ මාලු වෙළඳ සැලට ගොස් ඇති නිසා එහිදී වයිරසය බෝවන්නට ඇතැයි සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd