(චමිල් රූපසිංහ)
මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පැවසීය.
මෙම නිලධාරියා පසුගිය 25 වැනිදා නිවාඩු ලබා පැමිණ ඇති අතර දින 11 ක් සිය නිවසේ ගත කර ඇති බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මේ වන විට එම ප්‍රදේශයේ ඔහු ඇසුරු කළ ආශ්‍රීතයන් හඳුනා ගනිමින් සිටින අතර හඳුනාගත් ආශ්‍රිතයින් 40 ක් පමණ ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.