
මුව ආවරණයක් නොපැලඳ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් චීලි ජනාධිපති සෙබස්තියන් පිනේරාට අමෙරිකානු ඩොලර් 3500 ක දඩ මුදලක් නියම කර ඇත.
වෙරළ තීරයකදී චිලී ජනාධිපතිවරයා කාන්තාවක් සමග මුව ආවරණයක් නොමැතිව ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දිනවල එරට සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය විය.
එම ඡායාරූපය සම්බන්ධයෙන් චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා සමාව අයැදෙමින් කියා සිටියේ මුව ආවරණයක් නොමැතිව ඡායාරූපයකට පෙනී සිටිමේ වරද තමා පිළිගන්නා බවය.
චිලී රාජ්‍යයේ මුව ආවරණ නොපැලඳීමේ නිතී දැඩි බැවින් ජනාධිපතිවරයාට මෙලෙස දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මේ වන විට චිලී රාජ්‍යයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 583,354 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 16,101ක් සිදුව තිබේ.
ගාඩියන් ඇසුරෙනි.
-125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට අපේ ලොක්කා නම් හිතන් ඉන්නේ එයාට යටින් ඉන්න අයට විතරයි කොරෝන නීති අදාල කියලා....
මෙ මොනවද අප්පේ ජනාධිපතිත් මාස්ක් නැතිව ජනතාව හම්බවෙන්නේ... ?
ඒකට අපේ ඇත්තෝ... කිසිම කරදරයක් නැතිව දෙවියෝ බුදුන්ගේ රැකවරණය සැලසෙනවා. බැරිම වුනොත් ආණ්ඩුවෙ සල්ලිවලින් දඩය ගෙවනවා. හැබැයි නීතිය සමහර අයට අකුරටම ක්‍රියාත්මක වෙනවා.
අනේ අපේ රටේ වගෙ නීතිය සැමටම එක සමානයි.
පව්.., 20 සම්මත කරලා තිබුනනන් දඩ කන්න වෙන්නේ නැහැනේ...
ඒකට අපේ රටෙ ඉන්න නරියෝ....
ලෝකෙන්ම උතුම් රටේ ඉන්න හාල්පාරු දේශපාලුවන්ට හොද, පනිවිඩයක්. කරුමෙ කියන්නෙ ඒ අයට මේ වගේ දේකින් යමක් ඉගෙන ගන්නවත් තරම් මොලයක් නොතිබීමයි.