IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


මැලේසියාව රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැලේසියාව විසින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
 
මැලේසියාවේ රජු වන අල්-සුල්තාන් අබ්දුල්ලා විසින් නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව දන්වා ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ හදිසි නීතිය අගෝස්තු 01දක්වා බලාත්මක වන බවයි.
 
අග්‍රාමාත්‍ය මුහයිඩීන් යසීන්ගේ ඉල්ලීම පරිදි හදිසි නීතිය පැනවූ බවද හෙතෙම සඳහන් කර ඇත.
 
දැඩි අගුලු දැමීමේ පියවර මගින් මැලේසියාවේ, පසුගිය වසර පුරා කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති නමුත් එම පියවරයන් ලිහිල් කිරීමත් සමග රෝගීන් වාර්තාවීම තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.
 
මැලේසියාවේ මේ වනවිට කොරෝනා රෝගීන් 138,224ක් වාර්තාවී ඇති අතර මරණ 555ක් සිදුවී තිබේ.
 
කෙසේ වුවද බොහෝ විචාරකයින් පවසන්නේ රජු හදිසි නීතිය පැනවූයේ දේශපාලන හේතූන් ඉලක්ක කරගෙන බවයි.
 
හදිසි නීතිය පැනවීමෙන් පසු රජය දුර්වල වන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයාට අවසර ලැබෙයි. එමගින් සුළුතර බලයකින් පත්වී සිටි අග්‍රාමාත්‍යවරයාගේ රජයට බලය තහවුරු කර ගැනීමට ඉඩ ලබාදෙන බව පැවසේ.
 
කෙසේවුවද මේ සම්බන්ධව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මුහයිඩීන් මහතා පවසා ඇත්තේ හදිසි නීතිය පැනවීම යනු හමුදා කුමන්ත්‍රණයක් නොවන බවයි. ඇඳිරි නීතිය බලාත්මක නොකරන බවත් කොරෝනා වසංගතය පාලනය වූ පසු මහ මැතිවරණය පවත්වන බවත් ඔහු පවසා ඇත.
 
හදිසි නීතිය මගින් අතිරේක හමුදා සහ පොලිසිය යෙදවීමට රජයට ඉඩ ලබාදෙන අතර පෞද්ගලික රෝහල් රජයට පවරා ගැනීමට ද හැකියාව ලැබේ.
 
(බීබීසී ඇසුරිණි)

085



අදහස් (0)

මැලේසියාව රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 799 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 922 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site