IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මුල්ලේරියාව අයිඩීඑච් රෝහලෙන් ආසාදිතයෙක් පැන යයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (24) ද අලුයම 2.30 පමණ එම රෝහලෙන් පැනගොස් ඇතැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

මෙසේ පැන ගිය පුද්ගලයා 42 හැවිරිදි වියේ පසුවන්නෙකු බවද අනාවරණය වී ඇත. ඇවිද යන විට ඔහුගේ වම් පාදයේ කිසියම් ආබාධයක් පෙන්නුම් කරන බවත් කිසියම් අයකු මොහු දුටුවහොත්, ඔහු අල්ලා ගැනීම වෙනුවට  පහත සඳහන් දුරකථන අංකවලට වහාම දැනුම් දෙන ලෙසත් ඒ මහතා  වැඩිදුරටත් කීය.

මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම නිසා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය වැළඳීමෙන් පසුගිය 15 දා, අයිඩීඑච් රොහලට ඇතුළත් කර ඇති බව ද  පැවසේ.

වාට්ටු අංක හතරෙහි ප්‍රතිකාර ලබමින් සිටී මෙම පුද්ගලයා බිත්තියේ කවුළුවකින් එළියට පැන බටයක ආධාරයෙන් බිමට බැස මෙසේ පැන ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. රෝහල් සේවකයකු ඇඳ මත  රෝගියා නොසිටීනු දැක ඒ බව බලධාරීන්ට දන්වා  මෙසේ සොයන්නට වූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත්  වැඩිදුරටත් පවසයි .

රෝගියා පැන යාමට පෙර කිසියම් අයෙකු ඇඳ මත සිටින ආකාරයට ඇඳ මත කොට්ට තබා ඒ මතින් ඇඳ ඇතිරිල්ලක් ද පොරවා  මෙසේ පැන ගොස් ඇතැයිද පැවසේ.

රෝගියා පැන යාමත් සමග විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ නිලධාරීන් 100 දෙනකු  පමණ පැමිණ අලුයම තුනේ පමණ සිට  රෝහල අවට ප්‍රදේශයේ පූර්ණ පරීක්ෂාවක් ආරම්භ කර ඇති බව ද කියයි. ඒ අනුව මොහු පිළිබඳව කිසියම් තොරතුරක් ඇතොත් වහාම 119  හා 0718-591017, 0718-592290 සහ 0718-591864 යන අංක අංක වලට අමතා තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය ඉල්ලා සිටි.

 



අදහස් (11)

මුල්ලේරියාව අයිඩීඑච් රෝහලෙන් ආසාදිතයෙක් පැන යයි

සිරිපාල Friday, 24 July 2020 01:47 AM

කරපු ඔක්කොම වතුරේ.

:       1       0

සමන්ත Friday, 24 July 2020 01:48 AM

දැන් මොකද කියන්නේ. හමුදාපතිතුමන් කිව්වා නේද මේ අය ගැන මුලින්. කන්දකාඩුවේ මේ අයට ප්‍රතිකාර කරන්න හදන්න ඕනේ කිව්වාම. දැන් තේරෙනවා ද කුඩුකාරයින්ව රෝහලක තියා ගෙන ප්‍රතිකාර කරන්න බැරි බව.

:       1       55

නිමල් Friday, 24 July 2020 01:57 AM

ඒ ප්‍රදේශය ආශ්‍රිත පොලිස් බල ප්‍රදේශ කීපයකට හෝ පළාතට හදිසි ඇඳිරි නීති තත්වයක් හෝ අගුලු දැමීමක් සිදුකර ඔහුව සොයා අත් අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? ඔහු සමාජයේ සැරිසරන හැම තත්පරයක්ම නව ආසාධිතයන් පොකුරු බිහිවීමේ අවධානමක් ඇති බව අමතක වෙලාද? මෙවැනි රෝගීන් රඳවා තැබීමේ ක්‍රමවේද ගැන යළිත් සිතා බැලීමට කටයුතු කලයුතු නොවේද?

:       0       112

kamal Friday, 24 July 2020 02:56 AM

දෙවැනි රැල්ල පටන්ගන්න කලින් මෙයාගේ පිටින් ඔක්කොම යවන්න.

:       103       36

jayasekara Friday, 24 July 2020 04:01 AM

තනිකරම රෝහල් සහ ආරක්ෂක අංශයේ ලොකුම දුර්වලතාවයක්...

:       0       62

ශනීර Friday, 24 July 2020 04:20 AM

කිසිම මානව හිමිකමක් බලන්න එපා...

:       1       30

chinthana Friday, 24 July 2020 04:49 AM

මොහුගේ නම, පදිංචි ප්‍රදේශය කියන්න බැරි මොකද.?

:       0       3

පවිත්‍රා Friday, 24 July 2020 05:18 AM

අතිගරු ජනාධිපතිගේ සහ අගමැතිතුමන්ගේ මගපෙන්වීමෙන් සහ අතිශූර යුද සෙන්පති ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙසින් සමස්ථ ඇමති මණ්ඩලයේ ආශීර්වාදයෙන් සියළු මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රාර්ථනාවල බලයෙන් සහ වීර සෙබළුන්ගේ කැපවීමෙන් මෙම රෝගියා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන සමස්ථ රට වැසියන්ගේම ජීවිත අවධානයෙන් ගලවාගෙන සුරක්ෂිත කළබව දැන ගැනීමට ලැබුණි.

:       58       67

RaveendraFriday, 24 July 2020 05:44 AM

ඔබගේ අදහස් ඉතාමත් නිවැරදිය. අර රෙද්දේ මේ රෙද්දේ හිමිකම් ගැන කතාකිරීමට පෙර තමන්ගෙන් තමන් ජීවත්වෙන සමාජයට තම යුතුකම් ඉටුනොකරන මෙවන් කාලකන්නින් වෙඩිතබා මරා දැමිය යුතුයි යන්න අපගේ අදහසයි..

:       47       5

Bamunuarachchi Friday, 24 July 2020 12:00 PM

මොහු සිංහල කෙනෙකු නොවේ. අහන්න දෙයක් නැහැ රට පනින්න යන්න ඇති.

:       9       0

BamunuarachchiSaturday, 25 July 2020 02:00 AM

රට පනින්න තමයි වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31113 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13239 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site