IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මයික්‍රොසොෆ්ට් යළි විවෘත කිරීම මාස 7 කින් කල්දමයි

 

මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය නැවත විවෘත කිරීමේ දිනය 2021 වර්ෂයේ ජූලි මාසය දක්වා කල් දමා තිබේ.
 
 
කොරෝනා ව්‍යාප්ත වීමත් සමඟ පසුගිය මාර්තු මාසයේ වසා දැමුණු එම කාර්යාලය 2021 වසරේ ජනවාරි මාසයේ නැවත විවෘත කරන බව මුලින් දැනුම් දී තිබිණි. 
 
 
විවෘත කිරීමේ දිනය කල්දමා ඇති බව දැනුම් දී ඇත්තේ ඔක්තෝබර් 21 දින, මයික්‍රොසොෆ්ට් ප්‍රධානීන් කණ්ඩායම විසින් නිකුත් කරන ලද විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගිනි. එම දිනය 2021 වර්ෂයේ ජූලි 06 ලෙස එහි දක්වා ඇත.
 

බොහෝ සමාගම් මෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම ද මේ වසරේ මාර්තු මාසයේ සිට සිය කාර්යාලයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දී තිබිණි. තවත් සේවකයින් පිරිසක් ආයතනයේ කාර්යාලවල අර්ධකාලීනව වැඩකරමින් සිටිති.
 
ඇමරිකාවෙන් පිටත සිටින සේවකයන්ට නැවත කාර්යාලයට පැමිණිමේ දිනයක් ලබාදී නොමැති අතර රජයේ බලධාරීන්ගේ තීරණය අනුව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.
 
 
ආයතනයේ මෙහෙයුම් විධායක කර්ට් ඩෙල්බීන් මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පවසයි,
"කොරෝනා ව්‍යාප්තියේ හයවන අදියරට ළඟාවනතුරු කාර්යාල සඳහා ආපසු යෑම අත්‍යාවශ්‍ය නොවේ.
 
 
හයවන අදියර යනු කොවිඩ් - 19 රෝගයේ ව්‍යාප්තිය තවදුරටත් රටට බරක් නොවන ආකාරයට සැලකිය යුතු ලෙස අඩුවූ අවස්ථාවයි. එවිට අපගේ කාර්යාල වල මේවනවිට පනවා ඇති සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ බොහෝ සීමා ඉවත් කළ හැකිය. එතෙක් නිවසේ සිට වැඩකිරීමට දැඩි ලෙස උනන්දු කරනු ලැබේ."
 
 
 
මේ වනවිටත් ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්ත පවතින්නේ කොරෝනා ව්‍යාප්තියේ 3 වන අදියරේ වන අතර කැලිෆෝනියා, ඔරියන්, නෙවාඩා, ඔටා සහ කොලරාඩෝ ප්‍රාන්ත ව්‍යාප්තියේ දෙවන අදියරේ පවතී. 
 
 
 
(විදෙස් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මයික්‍රොසොෆ්ට් යළි විවෘත කිරීම මාස 7 කින් කල්දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site