(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි අයෙකු කොවිඩ්- 19 ආසාධිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව අධිකරණ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට යොමු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නිරෝධායනයට යොමු කර ඇති ආසාධිතයාගේ පළමු ආශ්‍රිතයන් 18 දෙනාව ලබන 23 වෙනිදාට පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කරන බවත්, ඉන් අනතුරුව දෙවන පෙළ ආශ්‍රිතයන් පී. සී. ආර් පරීක්ෂණයට යොමු කිරීමට කටයුතු කරන බවත් මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතා කීය.
අද (19)දිනයේ දී කැඳවීමට සහ විභාගයට ගැනීමට නියමිතව තිබු නඩු සඳහා වෙනත් දිනයන් අධිකරණය ඉදිරියේ ඇති දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර තිබුණි.
හදිසි සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු සදහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අධිකරණ කටයුතු පවත්වා ගෙන යාමට කටයුතු කරන බවත් සාමාන්‍ය සේවා කටයුතු තාවකාලිකව අත් හිටවා ඇති බවත් අධිකරණ ආරංචි මාර්ග පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත් පරිශ්‍රමයක් යොදා සිදු කරන සෞඛ්‍ය පිළිවෙත් වලට නීතිඥවරුන්ගේ සහාය අවම වන අතර මහේස්ත්‍රාත්තුමාව සහ රෙජිස්ට්‍රාර් මහතාගේ උපදෙස්වලට පටහැණිව ක්‍රියාකරයි...