IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මධ්‍යම පළාතේ 300ක් ස්වයං නිරෝධායනයට

(චමිල් රූපසිංහ)

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ, කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගත් හමුදා නිලධාරින් 9 දෙනෙකු මධ්‍යම පළාතේ පදිංචිකරුවන් බව තහවුරු වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ 4 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති බවත් මින් මහනුවර දැඩි අවදානම් තත්වයක ඇති බවත් ඔවුන් ඇසුරු කළ ආශ්‍රිතයන් 300 ක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙසේ පැවැසුයේ අද (14) මහනුවරදි පැවැත්වු මාධ්‍ය සාකච්ඡාචකදීය.

මෙම නිලධාරීන් පාතදුම්බර, මැණික්හින්න, කුන්ඩසාලෙ, තාලාතුඔය, ගම්පල, බඹබරදෙණිය හා හසලක ප්‍රදේශවලින් වාර්තාවන අතර ඉන් සමහරු දින 2 සිට දින 10 දක්වා තම ගම්වල රැඳී ඇති බවත්, ඉන් පළමු වටයේ හා දෙවන වටයේ සියලු දෙනාම ස්වයං- නිරෝධයානයට ලක් කර ඇති බවත්, මින් පළමු පෙලේ අයගේ පී සී ආර් පරීක්ෂණ කර වාර්තා ලැබෙන තුරු ගන්නා ආරක්ෂිත ක්‍රියා මාර්ග සියලුම දේ රැගෙන ඇති බවත්, ඔවුන් හඳුනාගෙන නිරෝධායනය කිරීම තුළින් මෙම වයිරසය සමාජයටයෑම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ, පොලිසිය හා හමුදාව මේ වන විට ක්‍රියා කරමින් සිටින බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.

පළමු පෙළ පී. සී. ආර්. පරීක්ෂණ නෙගටිවු වුවහොත් පවතින අවදානම අඩුවන බවත් කෙසේ වෙතත් සියලු තත්වයන්ට මුහුණදීම සදහා සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග මේ වන විට රැගෙන ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවැසීය.

කෙසේ වෙතත් ජනතාව පෙර පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට යොමු වන ලෙසත් මෙය මැඩ පවත්වන තෙක් පොදු ප්‍රවාහන සේවා පොදු ස්ථානවල අවශ්‍යතා හැකිතාක් අඩුකර සෞඛ්‍ය අංශවලට සහයෝගය ලබාදෙන ලෙසත් මෙම ආසාධිතයින් ඇසුරු කළ කෙනෙකු සිටිනම් වහාම අදාළ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා එහිදි පැවැසීය.



අදහස් (1)

මධ්‍යම පළාතේ 300ක් ස්වයං නිරෝධායනයට

රූබි Tuesday, 14 July 2020 09:27 AM

තුනෙන් දෙක අරන් දෙමු ..කොරෝනා පරදමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site