(මලීෂා ගුණවර්ධන)
 
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත් නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ආදායම් බලපත් අද (27) දිනයේ සිට නොවැම්බර් 27 වැනිදා දක්වා මාසයක කාල සීමාවක් අත්හිටුවන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමීණි රාජරත්න මහතා පැවසීය.

එම කාල සීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර වලට අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී දඩ මුදල් අය නොකරන බව ද ඒ මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය.