IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මධ්‍යම පළාතේත් කොරෝනා මර්දන එන්නත ලබාදීම ළමා රෝහලින් අරඹයි


 
(චමිල් රූපසිංහ)
 
කොරෝනා මර්දන එන්නත මධ්‍යම පළාතේදී පළමු වරට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහළේ වෛද්‍යවරුන් ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට ලබාදීම අද (30) සිදුකෙරිණි.

සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහළේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්. එස්. වීරබණ්ඩාර මහතා සඳහන් කළේ රෝහලේ කොරෝනා ව්‍යාප්තිය පැතිරීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මගින් සාර්ථකව මැඩ පවත්වා තිබූ අතර, රෝහල තුළ කොරෝනා ආසාදනය වූයේ 4 දෙනෙකුට පමණක් බවත්ය. එනමුත් මෙම කෝවිඩ් එන්නත ලබා දීම මගින් රෝහලේ සියලුම කාර්‍ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවන බවත්, රෝහලේ වෛද්‍යවරු ඇතුලු සියලුම කාර්‍ය මණ්ඩලයට ලබා දීම සඳහා එන්නත් 1200ක් රෝහලට ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.
 
මෙම කොරෝනා මර්ධන එන්නත මධ්‍යම පළාතේ ළමා රෝහලට ප්‍රථමයෙන් ලබා දිම පිළිබදව තමන් ප්‍රසාදයට පත්වන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මධ්‍යම පළාතේත් කොරෝනා මර්දන එන්නත ලබාදීම ළමා රෝහලින් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site