IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මදුරන්කුලියේ කම්හලක තවත් 7කට කොරෝනා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මදුරන්කුලියේ කර්මාන්තශාලාවක තවත් සේවිකාවන් 7 දෙනෙකුට කොවිඩ්-19  ආසාදනය වී ඇති බව අද(14 ) මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 
ආසාදිත සේවිකාවන් මුන්දලම, පුත්තලම, මහකුඹුක්කඩවල පදිංචිකරුවන් ය.

ඒ අනුව, කර්මාන්තශාලාවේ සමස්ත ආසාදිතයන් ගණන 15කි.
 
මේ වනවිට මේ කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 74 දෙනෙකු යොදා ගනිමින් කළ ජෛව පටල සාම්පල පරීක්ෂාවකින් පසු,  කොවිඩ්-19 ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
 
කෙසේ වෙතත් එම ජෛව පටල සාම්පල පරීක්ෂණවල තවත් වාර්තා පැමිණීමට නියමිත බවද, ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 500 කට ආසන්න බවද සෞඛ්‍ය අංශ පවසයි.
 
මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් ආණමඩුව, මුන්දලම, පුත්තලම, වනාතවිල්ලුව, උඩප්පුව හා කල්පිටිය පොලිස් වසම්වලින් සේවයට පැමිණෙන අතර මේ හේතුවෙන් මෙම පොලිස් වසම් වල ගම්මාන සිය ගණනක් දැඩි අවදානමට ලක් කර ඇත.
 
ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී පවා කර්මාන්තශාලාව තවදුරටත් පවත්වාගෙන යාම බරපතල තත්වයක් බවට ජනතාව කියති.



අදහස් (0)

මදුරන්කුලියේ කම්හලක තවත් 7කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site