(මහේෂ් කිර්තිරත්න)
කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 06 දෙනෙකු එකවර හමුවීමත් සමග මාතලේ මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් වැඩි වශයෙන් ජීවත්වන මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශයට අද(23) උදෑසන සිට සෞඛ්‍ය උපදෙස් අනුව සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මාතලේ මහ නගර සභාවේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසීය.
මේ වන විට මාතලේ මහ නගර සීමාවේ කොවිඩ් 19 ආසාදනය වි ඇති පුද්ගලයින් 19 දෙනෙකු හමුවී ඇති අතර පසුගිය පැය 24 තුළ රෝගින් 06 දෙනෙකු හමුවී ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
මාතලේ මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරු නිවාස සංකිර්ණයෙහි පුද්ගලයින් කිහිපදෙනෙකුටම කොවිඩ් 19 අසාදානය වී ඇති බවත් ඔවුන් නගරයේ කසළ එකතු කිරීම් කටයුතු සිදු කරන පිරිස් බවත් මෙය පැතිර යාම පාලනය කිරීම සදහා මෙම සංචරණ සීමා පැනවීමට තීරණය කළ බවද නගරාධිපතිවරයා පැවසීය.
මේ හේතුවෙන් නගරයේ කුණු කසළ එකතු කිරීම පිළිබදව ගැටලුවක් පැන නැගෙන බවත් නාගරික ජනතාව කසළ බැහැර කිරීමේදි සති දෙකකට යම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද එමෙන්ම නගරයේ එකතු වන කුණු කසල බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබදව සාකච්ඡා කර විසදුමක් ගන්නා බවද නගරාධිපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතලේ හිග්ගොල්ලට සංචරණ සීමා