( ආනන්ද ඉ ජයකොඩි)
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශට අයත් වතුපිටිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයේ මඩුවෙගෙදර සමෘද්ධි බැංකුවේ සේවයේ නියුතු සමෘද්ධි නිලධාරිනියකට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම බැංකුව වසා දමා එහි විසි දෙදෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද (03) උදෑසන පැවසීය.
මේ අතර කටුනායක නිට්ටඹුව මාර්ගයේ නිට්ටඹුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයට අයත් නිට්ටඹුව නගරාසන්නයේ පවත්වා ගෙන යන සුපිරි වෙළඳ හලකද. සේවිකාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (02) පස්වරුවේ සිට එම ආයතනයද වසා දමා එහි සේවක සේවිකාවන් දස දෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය අංශ පවසයි.
එම ආයතන දෙකේම වෛරසය ආසාදිතයින් ගේ පළමු ආශ්‍රිත යින් සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවද සෞඛ්‍ය අංශ පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.