
(නිමල කොඩිතුවක්කු)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය සහ වෙරහැර කාර්යාලයද නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයද හෙට(26) සිට යළි දැනුම්දෙනතුරු මහජනතාවට විවෘත නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ලංකාදීපයට පැවසීය.
කිසිදු කටයුත්තක් සඳහා එම කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද අලහකෝන් මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් රටෙහි උද්ගතව ඇති අවධානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හොර ගුහාව සාමාන්‍ය දවස්වලදීත් වැඩ කරන්නේ බාගෙට මැරුණු විදිහට.. අල්ලසක් දුන්නොත් නම් සියලු වැඩ අධිවේගෙන් කරනවා.
සදාකාලිකවම වහලා දාන්න බැරිද ඕක..?