( ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 12කට පමණ කොරෝනා ආසාදිත වි ඇති බවට අද (22) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ඉකුත් 18වනදින රැඳවියන් 25 දෙනෙකුට පී.සි.ආර්.පරික්ෂණ සිදු කරන ලද අතර එම වාර්තා අනුව මෙම රැඳවියන් 12 ආසාදිතයින් බවට තහවුරුවි ඇත.
මෙම රැඳවියන් කලුතර,බලපිටිය,ගාල්ල,ඇල්පිටිය යන අධිකරණවලින් දඩුවම් නියමවුවන් වන අතර ප්‍රතිකාර සඳහා ඔවුන් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිත බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසිය.
මෙම ආසාදිතයින් 12ත් සමග බුස්ස බන්ධනාගාරයෙන් වාර්තාවි ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 325 ඉක්මවා ඇත.
COMMENTS