IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බස්නාහිරින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අද සිට

(ඉන්දිකා  රාමනායක)
 

 
බස්නාහිර  පළාත තුළින්  පිටවන ස්ථාන 11 ක්  ඉලක්ක කරගෙන  සිදුකළ  රැපිඩ් ඇන්ටිජන්  පරික්ෂාවන්  අද  (13)  සිට යළිත් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
මෙම   පරීක්ෂණ  ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දින සිට  ජනවාරි 5 වැනි දින දක්වා කාලය තුළ  ක්‍රියාත්මක කළ පරීක්ෂාවෙන්  ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
 
මෙම කාලය තුළ පුද්ගලයන් 11,000 ට අධික පිරිසක් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
බස්නාහිර පළාතින් පිට කොරෝනා  අනුපොකුරු   ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණින්    මෙම රැපිඞ්  ඇන්ටිජන් පරීක්ෂාව කොළඹින් පිටවන ස්ථාන 11 ක්  ඉලක්ක කරගෙන     සිදුකළ බවත් අද සිට එය නැවත  සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, ආශ්‍රිත පිරිස්  නිරෝධායනය  සඳහා යොමු කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
 



අදහස් (4)

බස්නාහිරින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අද සිට

M.a.pemasiri Wednesday, 13 January 2021 10:51 AM

හොඳයි..

:       3       1

jaya Wednesday, 13 January 2021 11:55 AM

උත්සව අවස්ථාවලදීත් මේ ක්‍රමය අනුගමනය කරනවා නම් හොඳයි...

:       3       3

සමන්ත Wednesday, 13 January 2021 03:24 PM

ගම්පහ දිස්ත්‍රික්කය සිට මෙම පරීක්ෂණ මධ්‍යස්ථාන මග හැර යාහැකි ප්‍රධානම ස්ථාන දෙකක් හඳුන්වා දිය හැක. එනම් ගිරිඋල්ල, නිට්ටඹුව පාරෙන් සහ මීරිගම, වරකාපොල මාර්ගයේ ගමන් කිරීමෙන් පහසුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය සහ බස්නාහිර පළාතෙන් පිට වී යා හැකිය...

:       0       0

ටි ඉන්දික Wednesday, 13 January 2021 07:06 PM

දැන් මේක කරනවාට වඩා කළ යුත්තේ හැදුණු අය සුව වෙන්න කරපු දේවල් සමාජගත කරන එක නිල වශයෙන් වළක්වා ගන්න. නිරෝධායන මධ්‍යස්ථානවල සිට සුවවූ.. ඒ අයට දුන්න.. නිවසකදී කළහැකි සියලු දේ සමාජ ගත කළ යුතුයි. එවිට බෝවීමට වඩා මිනිස්සු.. ඒවා කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site