(එස්. ඒ. වයි. ද සිල්වා)
බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙකු කොරෝනා ආසාධනය වීම නිසා තාවකාලිකව වසා දැමූ ඒකක සියල්ල නැවත විවෘත කිරීමට පියවර ගත් බව කරාපිටිය මහා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ජීවරත්න මහතා පවසයි.
කොවිඩ් ආසාධනය වූ බව දැනගත් සැණින් රෝගීන් සහ මහජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාරය සහ පළමුවෙනි වාට්ටුව තවකාලිකව වසා දැමු බවත්, එය නැවත විවෘත කිරීමට පියවර ගත් බවත් වෛද්‍යවරයා කීය.
එමෙන්ම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 50දෙනෙකු පමණ පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කර තිබෙන බවත්, එම වාර්තාවල ප්‍රතිඵල මේ වනතෙක් නිකුත් වී නැති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd