(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කොව්ඩ් ආසාදිතයින් රැගෙන යමින් සිටි බසයක සිටි අයෙක් බුලත් කෙළ ගැසිම නිසා මාර්ගයේ ගමන් කළ යතුරු පැදිකරුවෙකු සහ ඔහුගේ නිවසේ අය ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ .
බලන්ගොඩ ප්‍රදේශයේ දි මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරු පැදිකරුවෙකුට බස් රථයක් තුළ සිටි අයෙකු ගැසු බුලත් කෙළ වැටිම නිසා කෝපයට පත් යතුරු පැදිකරු එම බසය නවත්වා බස් රථයට ගොඩවි බැන වදිනවිට එම බසයේ ගමන් සිටිනුයේ කොව්ඩ් ආසාදිතයින් පිරිසක් බව දැනගෙන තිබේ.
බලන්ගොඩ වටවල කොරොනා ප්‍රතිකාර මධ්‍යස්ඨානයට රැගෙන යමින් සිටි කොව්ඩ් ආසාදිතයින් පිරිසක් මෙම බසයේ ගමන් කර ඇත.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ගේ නිර්දේශය අනුව බලන්ගොඩ මැදකන්ද ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. . තමා පත්වු අපහසුතාවය ගැන කරුණු කියන්නට පටන් ගන්න විටම මේ බසයේ සිටින්නේ කොරොනා ආසාදිතයින් බව එහි සිටි අය පැවසු නිසා වහාම ඉන් බැසගත් බවද සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පවසා තිබේ.
එම තැනත්තා බසයෙන් බැස ඇත්තේ ඔහුගේ ගමන් බෑගයද බසය තුළ තිබියදීය.
පසුව යතුරු පැදියෙන් නිවෙසටම ගිය නිලධාරීන් ගේ උපදෙස් අනුව විසබීජ හරණයට ලක්ව දිය ස්නානය කර පිරිසිදු වි තිබේ .
සිදු වු ඇබැද්දිය ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාද දැනුම්වත් කර ඔහුගේ උපදෙස් ලබා පවුලේ සියලුම දෙනා සමග ඔහු ස්වයං නිරෝධායනයට යොමු වි තිබේ.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුලත් කෙළ පහර වැදුණු යතුරුපැදිකරුගේ පවුලම නිරෝධායනයට
isurandi Sunday, 20 December 2020 01:47 PM
බුලත් කෙළ ගහපු එකාව අල්ලලා දෙකක් අනින්නයි තිබ්බේ. කිසිම චාරයක් නැති මිනිස්සු තවමත් මේ සමාජයේ ඉන්නවා.
සිසිල් සුදේශ් Monday, 21 December 2020 01:26 AM
ආසාධිතයන් ගෙනියනකොට උපදෙස් දුන්නේ නැද්ද හැමතැනම කෙල ගහන්න එපා කියලා?