IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බද්දේගම උපන්දින සාදයට ගිය තිදෙනෙකුට කොරෝනා

(සිරංගිකා ලොකුකරවිට)

බද්දේගම නගරයේ පසුගිය දිනක පැවැත්වූ උපන්දින සාදයකට සහභාගීවූ තිදෙනකු මේවනවිට කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම ප්‍රදේශයේ මින්පෙර ආසාදිතයෙකු බවට හඳුනාගත් කාන්තාවකගේ ආශ්‍රිතයන්ට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වලදී මෙම සාදයට සහභාගීවූ පුද්ගලයෙකු ආසාදිත බව හඳුනාගෙන ඇත. පසුව, සාදයට සහභාගීවූ කිහිපදෙනකුට සිදුකරන ලද පරීක්ෂණ වලදී තවත් දෙදෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ මෙම සාදය පවත්වා තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ආසාදිත වූවන් අතර සාදයේ ඡායාරූප ශිල්පියා ද සිටියි. උපන්දිනය සැමරූ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පීසීආර් පරීක්ෂණයකට සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔහු කොරෝනා ආසාදිත අයකු නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇත. සාදයට සහභාගී වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද නිරෝධායනයට යොමුකර ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය 06 වැනි දා පැවැති මෙම උපන්දින සාදය සඳහා බද්දේගම නගරයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් ද සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි. සාදයට සහභාගීවූවන් සොයා පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවද ආසාදිතයන් රෝහල්වෙත යොමුකර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර තිබෙන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

සෞඛ්‍ය උපදෙස වන්නේ ප්‍රිය සම්භාෂන, උපන්දින සාද ආදිය නොපවත්වන ලෙස වුව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයකු මෙලෙස කටයුතු කිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය අංශ නිලධාරීහු කියති.



අදහස් (1)

බද්දේගම උපන්දින සාදයට ගිය තිදෙනෙකුට කොරෝනා

මුණසිංහ Wednesday, 13 January 2021 01:44 PM

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සාදයට ව්‍යාපාරිකයන් පැමිණීම ගැටළු සහගතයි නේද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site