IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බද්දේගම ඇගළුම්හළක 41 කට කොරෝනා

(සිරිනිහාල් ගමගේ  )

බද්දේගමසෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඉදිගස්කැටිය  ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 41  දෙනෙකුට කොරොනා  ආසාදන වී ඇති බැව් කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

.දින හතරක්  ඇතුලත 260 දෙනෙකු පරීක්ෂණවලට භාජනය කර ඇති අතර එම වාර්තා අනුව මෙම කොරෝනා ආසාදිතයින් හදුනාගෙන ඇත.

මෙසේ කොරෝනා  ආසාදිත පිරිස අතර  අතර එම කර්මාන්ත ශාලාවේ  විධායක ශ්‍රේණියේ සිව්  දෙනෙකු සිටින  බවත් පැවසේ.

 මෙම කර්මාන්ත ශාලාවේ තවත්  සේවකයින් 400ක් පමණ පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත බැව් සෞඛ්‍යය නිලධාරි පවසයි.  

 බද්දේගම හා  ඒ අවට ප්‍රදේශ වල සිට පැමිණෙන මෙම සේවකයින් ග්‍රාම සේවා කොට්ඨාස ගණනාවක අයවලුන්  බැව් පැවසේ. එම සේවකයන් ළඟින් ඇසුරු කර පුද්ගලයින් හා  ගැවසුන  ස්ථාන පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ඉතාම වැදගත් බැව්  සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

 

 



අදහස් (0)

බද්දේගම ඇගළුම්හළක 41 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site