( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නව කොරෝනා ආසාදිත රෝගීන් ඊයේ (03) දින 120 ක් හමුවීමත් සමඟ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 2694 ක් වාර්තා වී ඇතැයි එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය
අප්‍රේල් මස 19 වැනි දින සිට මේ දක්වා සිදු කරන ලද පි සි ආර් පරීක්ෂණ 4040 කින් එම රෝගීන් වාර්තා වී ඇතැයිද ඒ අතර ගර්භණි මාතාවන් 29 දෙනකු සිටින බව එම ප්‍රකාශිකාව කීය .
කොරෝනා වෛරසය හේතුවෙන් එම කාලය තුළදී පුද්ගලයන් 50 කු මියගොස් ඇතැයි එම ප්‍රකාශිකාව පැවසුවාය
බණ්ඩාරගම,,අලුබෝමුල්ල ,මැදගම ,මහවිල ,මහබෙල්ලන ,රයිගම ,හා වෑවිට යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස වලින් රෝගීන් හමු වීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර
අවම රෝගීන් ප්‍රමාණයක් හමුවී ඇත්තේ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයෙනි.
ඒ අනුව බලන කල පසුගිය සති දෙකට සාපේක්ෂව කොරෝනා ආසාදිත රෝගීන් ගේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ඇතැයි එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය
COMMENTS