IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බගවන්තලාව ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වහයි

(රංජිත් රාජපක්ෂ)

කොවිඩ් 19 වයිරසය අසාදනය වු රෝගියෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු  නිසා රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් තිදෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර රෝහල අද  (01) දින සිට තාවකාලිකව වසා දැමු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය  නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

ඊයේ 31 දියවැඩියා රෝගය ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගියෙකුගේ රෝග තත්ත්වය උත්සන්න විම නිසා රෝගියා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමෙන් පසු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය අනුව එම රෝගියාට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

එම අසාදිතයාගේ ලේලිය හැටන් බොස්කෝ විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවය කරන බවත්,ඇයට ප්‍රථමයෙන් කොවිඩ් 19 වයිරසය අසාදනය විමෙන් පසුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයවරයෙකු වශයෙන් සේවය කරන ඇයගේ සැමියාටද කොවිඩ් 19 වයිරසය  අසාදනය වි තිබුණි.

දැනට බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට කිසිදු රෝගියෙකු ඇතුළත් කර නොගන්නා බවත්, බාහිර රෝගි අංශයද වසා දමා තිබේ.

දැනට අසාදිතයා රැදි සිටි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගින්ව පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර එම වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය  වෛද්‍යය ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරිවරයාගේ උපදෙස් අනුව රෝහල යලි විවෘත කිරිමට කටයුතු කරන බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේය. 



අදහස් (0)

බගවන්තලාව ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site