(මලීෂා ගුණවර්ධන)
දැනට පවතින කොරෝනා වයිරසය තත්වය තවදුරටත් නරක අතට පත්වුවහොත් පාසල් සහ සියලුම අධ්‍යාපන ආයතන වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සිසුන්,විදුහල්පතිවරු,ගුරුවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරිම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබේ.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
විදුහල්පතිවරුට සහ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් එම ප්‍රදේශවල කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ තොරතුරු එම මධ්‍යස්ථානයට එවිය හැකි බව සඳහන් කර තිබේ.
1988 කෙටි අංකය අමතා එම තොරතුරු මධ්‍යස්ථානයෙන් වැඩිදුර විස්තර දැනගත හැකි බවත් [email protected] ඉහත විද්‍යුත් ලිපිනයට ඔබ ප්‍රදේශයේ කොරෝනා පිළිබඳ තතු එවිය හැකිය.
COMMENTS
ඉස්කෝල වහන්න ඉස්සරවෙලා ඔය 300-400ක ප්‍රමාණයක් සිසුන් එන මහා පරිමාණ උපකරණ පන්ති ටික තහනම් කරලා ඉන්න.
නරක අතට හැරුණොත් කියන්නේ ගුරුවරුන් සහ ළමයි සෑහෙන ප්‍රමාණයක් මේ වසංගතයට බිලිවුණාට පස්සෙද?