IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් බිලියන 105 ක්

 

(දිල්ෂානි චතුරිකා දාබරේ)

ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින්  සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

පිරිවෙන් සහ විද්‍යාපීඨ ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන වෙත මීට පෙර ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. සිසුන් 100ට අඩු පාසල් සඳහා රුපියල් 8,000 /ක මූල්‍ය ප්‍රතිපාදන ද, 200 ට අඩු පාසල් සඳහා රුපියල් 10,000/ බැගින් ද, 200ට වැඩි පාසල් සඳහා රුපියල් 12,000/ බැගින්ද මේ යටතේ ප්‍රදානය කෙරේ.

දරුවන් වෙනුවෙන් ගනු ලැබූ මෙම තීරණය වඩාත් යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පුරවැසි වගකීමක් ලෙස සලකා සියලු පාර්ශ්ව පූර්ණ සහාය පළ කරනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී. රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ අවදානම ඉහළ ගොස් ඇති නැගෙනහිර පළාතේ පාසල් 5ක් සහ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් ද, සබරගමුවේ හා සෙසු ප්‍රදේශවල පාසල් කිහිපයක් ද හැරුණු කොට පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් හෙට (23) සිට 6 - 13 ශ්‍රේණි දක්වා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

සියලු පළාත්, කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේවන විටත් නිකුත් කර ඇති 15/ 2020 දරන චක්‍රලේඛය හා මාර්ගෝපදේශ සංග්‍රහය අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අදාල සියලු පාර්ශව සහාය කරගන්නා ලෙස උපදෙස් ලබාදී ඇතැයිද ඒ මහතා පැවසීය.

රට තුළ පවතින වාතාවරණය හමුවේ පාසල් ආරම්භ කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විසින් විවේචන එල්ල කළද, මෙය දරුවන් වෙනුවෙන්ම, ඔවුන්ගේ මගහැරෙන අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින් ගත් තීරණයක් බව ද, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරමින් මේ සඳහා සහාය වීම සියලු පාර්ශ්ව වෙතින් අපේක්ෂා කරන බව ද අධ්‍යපන ලේකම්වරයා පැහැදිලි කළේය.



අදහස් (2)

පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් බිලියන 105 ක්

indika Sunday, 22 November 2020 04:45 PM

බිලියන 105.812 ද ? මිලියන 105.812 ද ?

:       0       6

jayaMonday, 23 November 2020 09:30 AM

ඉස්කෝලේ ගියේ නැති අය ඉන්නකොට මෙහෙම තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1320 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1242 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 456 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site