IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා

(සිතුම් චතුරංග)

වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16දෙනකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී අද(28) හදුනාගත් බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි.
 
කොරෝනා ආසාදනය වී ඇත්තේ, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කරමින් සිටි 16 දෙනකුටය.
 
පසුගිය 25 වැනිදා උණ රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවකු වවුනියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගැනිණි.ඒ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ රඳවා සිටි සෙසු සැකකරුවන් 30 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර ඇත. ඒ අනුව, මෙම පිරිස ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
 
පොලිසිය පැවසූයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙතද පී.සී.ආර් පරීක්ෂණය සිදුකළද එම නිලධාරීන් කිසිවෙකු වයිරසය ආසාදනය වී නැති බවය. සෙසු සැකකරුවන් 13 දෙනා පොලිස් ආරක්ෂාව යටතේ නිරෝධායනයට යොමුකිරීමට පියවරගෙන ඇතැයිද පොලිසිය පැවසීය.

ආසාදිත සැකකරුවන් පොලිස් ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකිරීමට නියමිත බවද වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site