(නිරෝෂණ පෙරේරා )                                  

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩුවට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියා භාණ්ඩ මිලදී ගැනීමට ගිය පැල්මඩුල්ල නගරයේ වෙළෙඳ සැලක් වසා දැමීමට එම වෙළඳ සැලේ පාලනාධිකාරිය අද  (15)  තීරණය කර තිබේ.           

එම නිලධාරියාට කොරොනා ආසාදිත බවට ඊයේ (14) වැනිදා තහවුරු වූ බව පැල්මඩුල්ල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ශිරන්ති රණසිංහ මහත්මිය පැවසුවාය.                                 

පැල්මඩුල්ල නාරංගොඩ පදිංචි මෙම නිලධාරියාගේ පළමු සමීපතමයින් 40 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.                                          

ඔහුගේ පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු සහ ඔවුන් සමඟ සම්බන්ධතා පැවත්වූ නිවෙස් දෙකක 8 දෙනෙකු දියතලාව හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට නියමිත බව පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය නිලධාරියෙකු පැවසීය.

මෙම නිලධාරියාගේ දෙවැනි පෙළ ආශ්‍රිතයින් ගැනද සොයා බලන බව පැල්මඩුල්ල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ශිරන්ති රණසිංහ මහත්මිය පැවසුවාය.