(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ)
මල්වර උත්සවයක් සහ උපන් දින සාදයකට සහභාගී වූ 22දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රත්නපුර වසංගත රෝග වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.
පැල්මඩුල්ල පාතකඩ පහලදේවාලේගම හා ලෙල්ලොපිටිය ප්‍රදේශවල දි මහජන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීන්ගේ අවසරයක් නොලබා මෙම සාද පවත්වා ඇතැයි ඒ මහතා කීය.
මේ හේතුවෙන් පුද්ගලයින් 205 ක් පී.සී. ආර්.පරීක්ෂණයට යොමු කර තිබේ.ඔවුන් මංගල්‍යයේ සහ සාදයේ ආශ්‍රිතයින් බව පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි.
පසුගිය 15වනදා වන විට පැල්මඩුල්ල කොට්ඨාසයෙන් කොරොනා ආසාදිතයින් 80 දෙනෙකු හමුවී තිබූ අතර අද (17) වන විට එම සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇත.
තත්ත්වය මෙසේ තිබියදිත් තවත් උත්සව අවස්ථා සඳහා අවසර ඉල්ලන අය සිටින බවද පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය කාර්‍යාලය පවසයි.
COMMENTS
මුස්ලිම්වරු නම්?
උත්සව අනවසරයෙන් පැවැත්වීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. අන් අයගේ ආරක්ෂාවට පැල්මඩුල්ල වසා දමන්න.