(ක.ග.කරුණාරත්න)
කෙරෝනා රෝගීන් වැඩි පිරිසක් හමුවීම නිසා පොලොන්නරුව,කදුරුවෙල නගරයේ කොටසක් අද (06) පස්වරුවේ සිට වසා දැමීමට තීරණයකල බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය කියයි.
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.කුමාරවංශ මහතා ප්‍රකාශ කලේ අද (06) දිනයේ පමණක් කදුරුවෙල නගරයේ ප්‍රධාන පෙලේ ආපන ශාලාවක් ඇතුළු වෙළඳසැල් කිහිපයකින් කොරෝනා රෝගීන් 08 දෙනෙකු හමුවූ බවයි.ගතවූ දින කිහිපය තුල කදුරුවෙල නගරයෙන් කොරෝනා රෝගීන් 20 දෙනෙකු හමුවී ඇතැයිද ඒ මහතා කීය. මේ හේතුවෙන් කදුරුවෙල ප්‍රධාන වීදියේ අතරමැදි කොටස මෙසේ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද කීය.
දැනට හඳුනාගෙන ඇති රෝගීන් සියලුම දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද වෛද්‍ය කුමාරවංශ මහතා ප්‍රකාශ කලේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලොන්නරුව කදුරුවෙල නගරයේ කොටසක් වහයි