(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 209 දෙනකු අලුතින් හමුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව් .එස්.කුමාරවංශ මහතා අද(28) ප්‍රකාශ කළේය.
මේ වනවිට හඳුනාගෙන ඇති තුන්වන රැල්ලේ මුලු කොරෝනා ආසාදිතයින් ගණන 7218ක් බවද ඒ මහතා කීය.
ඒ අතර පාසැල් ළමුන් 460 දෙනෙකු සිටින බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කලේය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවී ඇත්තේ තමන්කඩුව,හිඟුරක්ගොඩ,මැදිරිගිරිය,ලංකාපුර,සිරිපුර,වැලිකන්ද,අරගංවිල සහ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd