(එමි.කේ.නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා පැමිණි බව කියන කොස්තාපල් වරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.
මෙම කොස්තාපල්වරයා ලුණුගම්වෙහෙර පොලිසියට අනුයුක්ත නිලධාරියකු බවටත් ඔහු හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි කරුවකු බවටත් හඳුනා ගෙන ඇතැයි ඒ මහතා පැවසීය.
මෙම කොස්තාපල්වරයා නවාතැන් ලබා ගෙන සිටි බව කියන කතරගම නවාතැන් පොළෙහි සිටි තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු නිරෝධායනයට ලක් කළ බව ද කියයි.
රෝගී තත්ත්වයෙන් පෙළෙන කොස්තාපල්වරයා හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ බවද ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෙරහර රාජකාරියට ආ කොස්තාපල්ට කොරෝනා
Mahinda Monday, 12 July 2021 04:41 PM
දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ... පිස්සො වගේ දේශපාලකයින්ට ඕනෑ විදියට කොරෝනා මර්දනය කරන්න බෑ කියලා මේ අය දැන්වත් තේරුම් ගන්න ඕනේ. පෙරහැර හෝ ආගමික වතාවත් කියන්නේ මේ වගේ වෙලාවක ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ කාරණා නෙමෙයි. ඒක මොනම ආගමක් වෙනුවෙන්වත් කරන්න ඕනෑ නෑ...