
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද (17) නිවේදනය කළේය.
ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැතැයි ද ප්‍රංශ ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.
“ජනරජයේ ජනාධිපිතවරයාට ‘කොවිඩ්-19’ ආසාදනය වී ඇතැයි අද දැනගන්නට ලැබුණා” යැයි ප්‍රංශ ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බව ද එහි සඳහන් විය.
මේ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින හතක කාලයේදී ස්වයං-නිරෝධායනයට යොමු වන බවත් දුරස්ථව සිට රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ වන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.
ප්‍රංශ ජනාධිපතිවරයා ලබන 22 වැනිදා ලෙබනනයේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර එම සංචාරය ද ඇතුළු සියලු සංචාර අවලංගු කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි මේ වනවිට සොයා බලමින් සිටින බව ද වාර්තා වේ.
දෙසැම්බර් 10 සහ 11 දෙදින පැවැති යුරෝපා කවුන්සිලයේ රාජ්‍ය නායකයන්ගේ සමුළුවට ද ප්‍රංශ ජනාධිපති මැක්රෝන් සහභාගී වී තිබිණි.
මේ අතර පසුගිය දින කිහිපයේදී ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීම හේතුවෙන් ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ෂෝ කැස්ටෙක්ස් ද ස්වයං-නිරෝධායනයට යොමු වී ඇතැයි ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ප්‍රධානී ජෙහාර් ලාචෙක් පැවැසීය.
(රොයිටර්)
055
COMMENTS
අනේ මන්දා, තව කොච්චර කාලයක් මුඛ ආවරණ පැළඳගෙන ජීවත් වෙන්න වෙයිද දන්නෙ නැහැ... 2021 වසරේවත් සැනසීමක් ලැබේද?
යුද පිටියට යන්නේ නැතිව යුද්ධය කළ නායකයෙක් ඉන්න අපේ රටේ නායකයාට නම් කොරෝනා හැදෙන්න කිසිම ඉඩක් නැහැ.
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.