පොලිස් වසම් 3 කට සහ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට අයත් ප්‍රදේශ 10 ක් හෙට (8 වැනිදා) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහස් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන‍යේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ 4 ක්, පූගොඩ පොලිස් වසමේ එක් ප්‍රදේශයක්, මිනුවන්ගොඩ පොලිස් වසමේ ප්‍රදේශ 4 ක් සහ අම්බලන්තොට ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාශයේ එක් ප්‍ර‍දේශයක් ඊට අයත් වේ.