(තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයේ අද ( 17 ) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 56 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇත.
එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362 දෙනෙකු හමුව ඇති බවත් සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ජාඇල - 44 ක්, අත්තනගල්ල කොට්ඨාසයෙන් - 35 ක්, මහර - 32 ක්, සීදූව - 26 ක්, වත්තල, දොම්පෙ සහ කටාන යන කොට්ඨාසයන්ගෙන් - 25 දෙනෙකු බැගින්, ගම්පහ සහ මිනුවන්ගොඩ - 16 දෙනෙකු බැගින්, රාගම - 14 ක්, බියගම සහ දිවුලපිටිය කොට්ඨාසයන්ගෙන් - 12 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් ආසාදිතයින් සිව් දෙනෙකු වශයෙන් සිදුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
එහි සදහන් පරිදි පැය 24 ක් තුල ආසාදිතයින් 233 දෙනෙකු ප්‍රතිකාර පිනිස යොමු කොට ඇති අතර කොරෝනා බවට සැක කෙරෙන 70 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 28 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 22 ක්, බියගමින් - 5 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව එක් අයෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.
දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,543 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.