(තිලකරත්න දිසානායක)
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 25 ක් වන කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් සමග ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 137 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක කාලය තුල ආයෝජන කලාපයෙහි බියගමින් ආසාදිතයින් 7 දෙනෙකු හමුව ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මහර කොට්ඨාසයෙන් - 18 ක්, බියගම - 17 ක්, අත්තනගල්ල සහ මීගමුව කොට්ඨාසයන්ගෙන් 12 දෙනෙකු බැගින්, දොම්පෙ සහ කැලණිය කොට්ඨාසයන්ගෙන් - 10 දෙනෙකු බැගින්, ජාඇල - 9 ක්, සීදූව - 8 ක්, මීරිගම - 5 ක්, වත්තල සහ කටාන - 4 දෙනෙකු බැගින්, ගම්පහ - 2 ක් සහ දිවුලපිටිය එක් අයෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල ආසාදිතයින් 115 දෙනෙකු ප්‍රතිකාර පිනිස දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති කොට ඇති බවත් එම කාලය තුල ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,058 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,19,907 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd