
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාධිත රෝගියෙකු බවට අනාවරණ වීමත් සමගම එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය.
ඒ වනවිට එම දැඩි සත්කාර ඒකකය තුළ සේවය කරමින් සිටි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු පමණ එම දැඩි සත්කාර ඒකකය තුළම ස්වයං නිරෝධායනයට ලක්කළ බවත් ඔවුන් අද පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කරන බවත් රෝහල් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළාය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.