
(විනීතා එම් ගමගේ)
කොවිඩ් 19 ඇතුළු රෝග පාලන කටයුතුවල දී නිසි බලධාරියා විසින් නිකුත් කරන චක්‍රලේඛයක් මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා දීමට දැනටමත් හැකියාව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළ බවත් මෙම බලතල භාවිතා කරමින් රාජකාරි කිරීම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවදානය යොමු වූ බවත් හෙතෙම සඳහන් කළේය.
1897 දී පැනවුණු නිරෝධායන පනතට මේ වසරේ මාර්තු 19 වැනිදා පැනවුණු රෙගුලාසි අනුව කටයුතු කළ හැකි බව ද අවශ්‍ය නම් නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තවදුරටත් රෙගුලාසි නිකුත් කළ හැකි බවත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
ඔවුන සතු බලතල ගැන නිසි වටහා ගැනීමක් නොමැතිවීම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙසේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී යැයි පෙනී යන බව කී වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා තම සංගමය හා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාවේ දී මේ තත්ත්වය ගැන ගැඹුරින් සාකච්ඡා කළ බව ද කීය.
කෙසේ වෙතත් ඉතා පැරණි පනතක් වන නිරෝධායන පනතට සංශෝධන ගෙන ඒම අත්‍යවශ්‍ය බවත් එසේ සංශෝධන ගෙන එන්නේ නම් එය සියලු පාර්ශවයන් සමඟ එක්ව කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
මේ අනුව කොවිඩ් පාලන කටයුතු සහ මේ වනවිට නිකුත්ව ඇති මැතිවරණයට අදාල ගැසට් පත්‍රයට අදාලව ක්‍රියාත්මක වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකඟ වූ බව ද ලේකම්වරයා පැවැසීය.
කොවිඩ් මර්දන ක්‍රියාවලිය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යාම සඳහා සියලු පාර්ශ්ව මේ දක්වා ලබාදී ඇති සහයෝගය අඛණ්ඩව ලබා දීම මේ මොහොතේ ඇති ජාතික වගකිමක් යැයි ද හෙතෙම කියා සිටියේය.
වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් කාර්යාලයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා අලුතින් පැතිර ගිය කොරෝනා රැල්ල අතරින් තරමක් සක්‍රීය බවට පත්ව තිබුණේ රාජාංගන රැල්ල බවත් එය ද මේ වනවිට කලබල විය යුතු මට්ටමක නොමැති බව ද කියා සිටියේය.
කන්දකාඩුවේදී කොරෝනා ආසාදනය වූවන් හා ගෙවල්වල දී ආසාදනය වූවන් ඇතුළු අසාදිතයන් සමාජයේ දී සොයා ගත් නමුත් පළමු වළල්ලෙන් දෙවන වලල්ලට තෙවන වලල්ල දක්වා ද රෝගය පැතිර ගොස් තිබුණේ රාජාංගනයේ පොකුරෙන් පමණක් බවත් මේ වනවිට එය ද මර්දනය වෙමින් පවතින බවත් අලුත් ගේ මහතා තවදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පනතට අනුව කටයුතු කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැමතියි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 July 2020 01:31 PM
මේ භයානක වෛරස් රෝගය මර්ධනය කිරීමේදී, මේ රටේ වෛද්‍ය ප්‍රජාවගෙන්ද, හෙද හෙදි කාර්ය මණ්ඩලවලින්ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන්ද, සිදුවූ සේවය සුළුපටු නොවේ. ආරක්ෂක සාමාජිකයින්ගෙන්ද එසේය. මේ රෝග මර්ධනය සඳහා ලැබුණු රුපියල් කෝටි 7000න් කිසියම් මුදලක් මොවුන්ගේ යහපත වෙනුවෙන් වැය කිරීමට හැකිනම් එය අගනා ක්‍රියාවකි. එමෙන්ම එය කළගුණ සැලකීමකි. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ එක වැඩසටහනක් සඳහා පමණක් රුපියල් ලක්ෂ 11ක් වැය කළ හැකිනම්, මෙවැනි දෙයක් නොහැකි ඇයි?
කපිල Friday, 24 July 2020 05:13 AM
දැන්නම් මේ පී.එච්.අයි. උන්නැහේලා අපිට එපාවෙලා තියෙන්නේ... මේ තරම් බරපතල වගකීමක් පැවරී ඇති වේලාවක මී හරක් රැලක් මෙන් පන්න පන්නා වර්ජන කරන අමන වැඩ අපේ රටට ගැලපෙන්නේ නැහැ.